වායු දූෂණය වැඩිම නගර 10ට ඉන්දියාවේ නගර 07 ක්

(කොළඹ, ලංකාපුවත්) – වැඩිම වායු දූෂණය සහිත උප නගරය ලෙස ඉන්දියාවේ නව දිල්ලි අගනුවර ආසන්නයේ පිහිටි ගුරුග්‍රම් පත්ව ඇති බව නවතම වාර්තාවක් හෙළි කර තිබේ.

ලොව වැඩිම වායු දූෂණය සිදුව ඇති නගර 10 ට ඉන්දියාවෙන් නගර 07 ක් ඇතුළත් බව එම වාර්තාවේ සදහන් වේ.

අයි කියු එයාර් විෂුවල් සහ ග්‍රීන් පීස් යන වායු තත්ත්ව පරික්ෂා ආයතනයකින් එළි දැක්වූ නවතම වාර්තාවකට අනුව මේ බව හෙළිව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

2018 වසරේ ගුරුග්‍රම් නගරයේ වායු තත්ත්ව දර්ශකයේ අගය 135.08 ක් ලෙස සටහන්ව තිබුණි. එම වාර්ථාවට අනුව ලොව වායු දූෂණයෙන් වැඩිම නගර 30 අතර ඉන්දියාවේ නගර 22 ක් ඇතුළත් වීම විශේෂත්වයකි.

නගර 05 ක් චීනයේත් පාකිස්ථානයේ නගර දෙකකුත් බංග්ලාදේශයයේ එක් නගරයකුත් වායු දූෂණ අතින් ඉහළ ස්ථානයේ පසුවේ.

මෙම වාර්තාවලට අනුව ලබන වසරේදී වායු දුෂණයෙන් මිලියන 07 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වීමේ අවදානමක්ද පවතින බව සදහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *