ධීවර සංස්ථාව ගොඩගැනීමට කෙටි හා දිගුකාලීන වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – මෙරට රාජ්‍ය ආයතන අතුරින් පරිහානියේ ආගාධයට ඇද වැටි ඇති ලංකා ධිවර සංස්ථාව යලි ගොඩනැගීමේ භාර දුර වගකීම භාර ගෙන මෙරට කාර්යක්‍ෂම රාජ්‍ය ආයතන කිහිපය අතරට ලංකා ධිවර සංස්ථාව ද එක් කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

ඒ සදහා යන ගමනේදී ධිවර සංස්ථාවේ අතීත පුරුදු සියල්ල අමතක කර වංචාව , දුෂණය , නාස්තිය සහ අල්ලසට පළමුව නැවතීමේ තිත තබා සත්භාවයෙන් මෙම ගමනට එක් වන ලෙස සියළු දෙනාගෙන් ඉල්ලා සිටින බව සදහන් කල රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා එලෙස කටයුතු කිරීමට නොහැකි තවදුරටත් සුපුරුදු දුෂිත කටයුතුවල නිරත වන්නේ නම් ඔවුන්ට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මක කර සමස්ථ ධීවරයා සහ රටවැසියා වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සුදානම් බව පැවසිය .

ලංකා ධිවර සංස්ථාවේ නව සභාපති ලෙස පත් වූ කිර්ති මුණසිංහ මහතා වැඩභාරගැනීම නිමිත්තෙන් එම සංස්ථාවේ ඊයේ[ 07 ] පැවති උත්සවයේදී ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

නව සභාපති කිර්ති මුණසිංහ මහතා ලංකා ලුණු සමාගමේ උප සභාපති ලෙස කටයුතු කරමින් දුෂණය හේතුවෙන් ඈවර කිරීමට නියමිතව තිබු ලංකා ලුණු සමගම ලාභ ලබන තත්වයට පත් කල කාර්යක්‍ෂම නිලධාරියෙකි.

මෙහිදී අදහස් දැක්වූ නව සභාපති කිර්ති මුණසිංහ මහතා සදහන් කලේ ඉතාම කෙටි කාලයක් තුල සංස්ථාව පරිහානියෙන් ගොඩගැනීම සදහා කෙටිකාලින සහ දිගුකාලින වැඩපිළිවෙලක් දින දහයක් වැනි කාලයක් තුල සකසන බවය.

මෙලෙස ධිවර සංස්ථාව පරිහානිය කර ගියේ කෙලෙසද කුමන කටයුතු නිසාද යන්න පිලිබදව සහ අකාර්යක්‍ෂම අංශ වගේම ප්‍රදේශික වල කටයුතු පිලිබදව පුළුල් අධ්‍යනයක් කිරීමට කටයුතු කරගෙන යන බව සදහන් කල නව සභාපතිවරයා රාජ්‍ය අමාත්‍යතුමාගේ දැක්ම සහ අරමුණ අනුව කටයුතු කරමින් මෙරට ධිවර ජනතාවට වගේම පාරිභෝගික ජනතාවට සාධාරණය ඉටු කරමින් ලාභ ඉපැයීම දෙවනුවට තබා ලබන පාඩුව අවම කරගැනීමට පළමුව කටයුතු කරන බව සදහන් කළේය.

ඒ සදහා සියළු දෙනා සමග එක්ව එක් ගමනක් යාමට සුදානම් බවත් , එම ගමන යාම සදහා සංස්ථාවේ පුළුල් වෙනසක් කිරීමට සිදුවිය හැකි බවද කිර්ති මුණසිංහ මහතා පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *