(කොළඹ, ලංකාපුවත්) –පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ නාගවිල්ලුව ප්‍රදේශයේ අද (18) අළුයම 01.45ට පමණ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
යාපනය සිට කොළඹ දෙසට ධාවනය වු වෑන් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පැවසීය.
අනතුරින් වෑන් රථයේ ගමන් ගත් රියදුරු ඇතුළු 08 දෙනෙකු සහ මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කර තිබේ.
එහිදී වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් තිදෙනකු සහ මාර්ගයේ ගමන් ගත් පුද්ගලයා ජීවිතක්ෂට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළේය. අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් පස් දෙනෙකු මේ වනවිට පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
මෙම අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.