(UPDATE) පැය 07කට පසු නදීමාල්ට නිදහස

(කොළඹ, ලංකාපුවත්) – පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගායන ශිල්පී අමල් පෙරේරා මහතාගේ පුත් නදීමාල් පෙරේරාගෙන් කළ ප්‍රශ්න කිරීම් අවසන් කර ඇත.

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ ගායන ශිල්පී නදීමාල් පෙරේරා ගෙන් පැය 07කට අධික කාලයක් රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.

එසේම බන්ධනාගාර නියාමක ලලිත් කුමාර යන අයගෙන් තවදුරත් ප්‍රශ්ණ කිරීම් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. කොළඹ අපරාධ කොට්ඨාසය තවදුරටත් එම ප්‍රශ්ණ කිරීම සිදු කරනු ලබයි.

ඩුබායිවලින් පිටුවහල් කළ නදීමාල් දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – පාතාල නායක මාකදුරේ මධුෂ් සමග ඩුබායිහි දී අත්අඩංගුවට පත්ව එරට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි දෙදෙනෙකු එරටින් පිටුවහල් කර ඇත.

ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා හා බන්ධනාගාර නියමකවරයෙක් වන ලලිත් කුරේ යන අය ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු අද(27) උදෑසන කටුනායක ගුවන්තොටුපොලෙන ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඉන් අනතුරුව ඔවුන් දෙදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් ප්‍රශ්ණ කිරීම් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

ඔහු අද දින අධිකරණය වෙත ඉදිරිපත් කරන බව වාර්තා වේ. ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවූ අමල් පෙරේරාගේ පුත් ගායන ශිල්පී නදිමාල් පෙරේරා මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවට පසුගියදා තහවුරු විය.

මාකදුරේ මධුෂ් සමග ඔවුන් අත්අඩංගුවට පත්වූයේ එරට සාදයකදීයි. ඒ මත්ද්‍රව්‍යද සමගයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *