ඩුබායිවලින් පිටුවහල් කළ කංජිපානී CID බාරයට

(කොළඹ, ලංකාපුවත්) – මාකඳුරේ මදූෂ් සමඟ ඩුබායි හී දී අත්අඩංගුවට පත්ව එරටින් පිටුවවහල් කරනු ලැබූ මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානී ඉම්රාන්, කටුනායක ගුවන්තොටුපලේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ඔහු අද(28) උදෑසන ඩුබායි හි සිටි මෙරටට පැමිණ ඇති බවයි.

පසුගියදා ඩුබායි හිදී සාදයක් අතරතුර පාතාල කල්ලි සාමාජික මාකඳුරේ මදූෂ් ඇතුළු පුද්ගලයින් 31 දෙනෙකු ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු බාරයට පත් වූ කංජිපානී ඉම්රාන් රඳවා තබාගනිමින් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම් සිදු කරන බව රුවන් ගුණසේකර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *