පකිස්ථාන විදේශ ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගුයි

(කොළඹ, ලංකාපුවත්) – පකිස්ථාන විදේශ අමාත්‍ය ෂා මෙහොමඩ් කුරේෂි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කර ඇති බව පාකිස්තානු තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ මෑතදී සිදු වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයන් හේතුවෙන් මෙම සංචාරය අවලංගු කර තිබේ.

ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව පකිස්ථාන විදේශ අමාත්‍යවරයා මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *