(කොළඹ, ලංකාපුවත්) – කොළඹ කිංග්ස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවාහැරි ත්රස්තවාදියා වන මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නොහොත් අබ්දුල්ලාහ් යන සැකකරුගේ දියණිය වන හබීබා අසාම් යන අයගේ රුධිර සාම්පල යොදාගෙන ඩී එන් ඒ පරීක්ෂාව සිදු කරන ලෙස රජයේ රස පරීක්ෂකවරයාට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (02) නියෝග කළේය.
කොළඹ අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුවේ වාණිජ විමර්ශන අංශ අංක 4 ශාඛාවේ ස්ථානාධිපති රවීන්ද්‍ර විමලසිරි මහතා සිදු කළ ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු කළේය.
සැකකාර ත්රස්තවාදියා අංක 128 යොන් විදිය කොළඹ 02 ලිපිනයේ පදිංචිව සිට ඇති බවත් ඔහුගේ ඥාතින් පිරිසක් මේ වන විට අත්අඩංගුවේ සිටින බවත් කියා සිටි පොලිසිය මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නොහහොත් අබුදුල්ලාහ් යන සැකකරුගේ දියණිය වන හබීබා අසාම් යන අයගේ රුධිර සාම්පල ජාන පරීක්ෂාව සඳහා යොමු කිරිමට අවසර ලබා දෙන ලෙස පොලිසිය අධිකරණයයෙන් ඉල්ලා සිටියේය.
කිංග්ස්බරි හෝටලයේ හාබර්කෝට් ආපන ශාලාවේ ඉකුත් 21 වනදා පෙරවරු 8.45ට පමණ සැකකාර ත්රස්තවාදියා අලුපැහැති ටී ෂර්ටයක් කලු පැහැති කලිසමක් ඇඳ දුඹුරු පැහැ හිස් වැසුමක් පැළඳ කලු පැහැති බෑගයක් රැගෙන පැමිණෙන අයුරු සීසීටීවී දර්ශන වල ඇති බවත් ආපනශලාව තුළ එහාමෙහා මඳ වේලාවක් ඇවිදිමින් සිටි ත්රස්තවාදියා පෙරවරු 8.47 තත්ත්පර 4 වන විට බෝම්බය පුපුරුවා හරින දර්ශන කැමරාවල සටහන්ව ඇතැයිද විමර්ශන ප්‍රගතිය මහේස්ත්‍රාත්වරයා හමුවේ පොලිස් නිලධාරියා සඳහන් කළේය.
ඉකුත් 20 වන දින සැකකාර ත්රස්තවාදියා අබ්දුල් අබ්දුල්ලාහ් නැමැති ඔහුට අයත් හැදුනුම්පත ඉදිරිපත් කරමින් කොළඹ කිංග්ස්බරි හෝටලයේ අංක 207 වන කාමරයක් කුලියට ගෙන ඇති බවත් 20 වන දින පස්වරු 23.47 ට හෝටලයට ඇතුල්වී කුලියට ලබා ගත් කාමරයට 23.51ට ඇතුල්වී ඇති අයුරු සිසිටිවි දර්ශන වල ඇතුළත්ව ඇති බවත් පොලිසිය අධිකරණයට සාක්ෂි ලබා දෙමින් කියා සිටියේය.
මේ සිද්ධිය හේතුවෙන් හෝටලයේ ආපන ශාලාවේ රැදි සිටි පෘතුගාල ජාතිකයෙක් ස්පාඤ්ඤ ජාතිකයන් දෙදෙනෙක් ඉන්දයානු ජාතිකයෙක් චීන ජාතිකයන් හතර දෙනෙක් සහ හෝටල් සේවකයකු මිය ගොස් ඇතැයි අධිකරණය හමුවේ කියා සිටි පොලිසිය චින ජාතිකයන් 5ක් ඉන්දියානු ජාතිකයෙක් ඇතුලු විදේශිකයන් පිරිසක්ද හෝටල් සේවකයන් 11ක්ද පමණද තුවාල ලබා ඇතැයිද කියා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ලබන ජුනි මස 12 වනදා අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ වාණිජ විමර්ශන අංශ අංක 4 ශාඛාවේ ස්ථානාධිපතිවරයාට මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේය