තව්හිද් සාමාජිකයන් 200කට වැඩි පිරිසක් අල්ලති

(කොළඹ, ලංකාපුවත්) –තව්හිද් ජමාත් සංවිධානයේ ත්‍රස්තවාදීන් සහ ඔවුන්ට ආධාර අනුබල දෙන පිරිස් සොයා ආරක්ෂක අංශ රට පුරා දින 11ක් තිස්සේ කළ මෙහෙයුම්වලින් දෙසියකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.

උපක්‍රම වෙනස් කරමින් යුද්ධ හමුදාවේ පමණක් සාමාජිකයන් දස දහසකට වැඩි පිරිසක් හා අනෙකුත් ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් රට පුරා කල මෙම මෙහෙයුම්වලින් තව්හිත් ජමාත් සංවිධානයේ අභිරහස් ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක් හෙළි කර ගැනීමට ද එම ආරක්ෂක අංශ සමත් වී තිබේ.

මෙහිදී එම සංවිධානය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන්ගෙන් ලැබෙන තොරතුරු සහ බුද්ධි අංශ මගින් සොයා ගන්නා ලද තොරතුරු මත තවත් සැක සහිත ස්ථාන විශාල ප්‍රමාණයක් වැටලීමට ඇති බවද ආරක්ෂක අංශ පවසයි.

මහජනතාවගෙන් ද මෙම සංවිධානය සම්බන්ධයෙන් තොරතුරු විශාල වශයෙන් ලැබෙමින් පවතින බවද ආරක්ෂක අංශ පවසයි.

තව්හිත් ජමාත් නායක මොහොමඩ් සහරාන්ගේ පවුලේ සාමාජිකයන් පිරිසක් පසුගිය සතියේ දී බෝම්බ පිපිරීමෙන් මිය ගිය ද කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිව සිටිඔහුගේ සොහොයුරියක ඇතුළු ඥාතින් හිතවතුන් ඇතුළු එම සංවිධානයට සම්බන්ධ බොහෝ දෙනෙක් අත්අඩංගුවට පත්ව ඇති බවයි. සෑම පළාතකින්ම මෙම ජමාත් ත්‍රස්තවාදින්ට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට පත්වී සිටිති. ඔවුන් යම් කිසි අරමුණක් සඳහා හොර රහසේ පවත්වාගෙන ගොස් තිබූ ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය සහිත ගබඩා ගණනාවක් ද, තවත් විවිධ ආකාරයේ ගිනි අවි ඇතුළු බොහෝ දේ සොයා ගැනීමටත් හැකි වී ඇත.

ත්‍රිවිධ හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය බළකාය ඇතුළු සියලු ආරක්ෂක අංශත්, බුද්ධි අංශත් එකතුව මෙම මෙහෙයුම් ආරම්භ කර අද වන විට එම මෙහෙයුම් සම්පුර්ණයෙන්ම සාර්ථකව සිදු වන බව ත්‍රිවිධ හමුදා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරු පවසති.

ඊයේ සහ පෙරේදා කළ මෙහෙයුම්වලින් දැනට යේමනයේ සිටින අයි එස් අයි එස් සාමාජිකයාගේ සොහොයුරාගේ නිවසේ තිබී පිහි හා පොත් පත් ගණනාවක් අත් අඩංගුවට ගෙන තිබුණි. ඒ අතර හැටන් කුරුස පල්ලිය ඡායාරූප ගත කරන ලදැයි කියන පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන ඇත. එසේම ඩෝන කැමරා හතරක් හා සැකකරුවන් තිදෙනකු ද අත් අඩංගුවට පත්ව තිබේ.

මේ අතර වැල්ලව පොලීසිය මගින් එම ප්‍රෙද්ශයේ වැටලීමක් කර සිවුරුවලට සමාන ඇඳුම්, යුද්ධ හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් තොගයක් නිවසක තිබි එම නිවසේ හිමිකරු ද සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි.

අයි එස් ත්‍රස්ත නායකයාගේ ජායාරුප ළඟ තබාගත් පුද්ගලයකු නිට්ටඹුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර තිහාරිය ප්‍රදේශයේ සිට අනුරාධපුර ප්‍රදේශය වෙත වෑන් රථයකින් කාන්තා සුදු ඇඳුම් තොගයක් ගෙන යමින් සිටිය දී මුස්ලිම් ජාතික සැකකරුවන් දෙදෙනකු විශේෂ කාර්ය බළකාය මගින් අත් අඩංගුවට ගෙන තිබුණි. මේ අතර ජමාත් සංවිධානයට පිහි ඇතුළු ආයුධ සකස් කරන ස්ථානයක් නැඟෙනහිර පළාතේ ඇති බවට ලැබී ඇති තොරතුරු මත ඊයේ සිට කින්යා ප්‍රදේශය පුරා සිදුකළ මෙහෙයුම් තවදුරටත් වැඩි කර ඇත. මේ අතර පුල්මුඩේ නිවසක තිබී ඩෙටනේටර්, ජෙලට් නයිටි කූරු ඒවාට යොදන පුපුරණ ද්‍රව්‍ය ඇතුළු උපකරණ රැසක් සොයා ගැනීමට හැකි වූ ආරක්ෂක අංශ ඒ සම්බන්ධයෙන් සැකපිට හයදෙනකු අත් අඩංගුවට ගෙනඇත.

තව්හිත් ජමාත් නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහ්රාප්ගේ ඡායාරූප කිහිපයක් ළඟ තබාගෙන සිටි මුස්ලිම් ජාතික තරුණයකු කැකිරාව පොලීසිය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණි. මෙමපුද්ගලයා මරදන්කඩවල උකස් මධ්‍යස්ථානයක සේවය කරන අයකු බවද හෙළි වී ඇත. මේ අතර බණ්ඩාරවෙල ප්‍රෙද්ශයේ නිවසක් හොර රහසේ පල්ලියක් ලෙස පවත්වාගෙන ගොස් තිබූ අතර එම නිවසේ තිබී ඩ්‍රෝන කැමරා හතරක්, වායු රයිපල් කිහිපයක් සහ වායු පිස්තෝල කිහිපයක් සොයාගෙන ඇත. මෙම ස්ථානයට විටින් විට විවිධ පුද්ගලයන් පැමිණ ඇති බවට ද ප්‍රදේශවාසීන්ගෙන් තොරතුරු ලැබී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *