අන්තවාදී ක්‍රියා සිදුකරන්නන්ට මරණීය දණ්ඩනය – ඇමති සජිත්ගෙන් යෝජනාවක්

(කොළඹ, ලංකාපුවත්) – ත්‍රස්තවාදී හා අන්තවාදී ක්‍රියා සිදුකරන හෝ ඊට අනුබල දෙන ඕනෑම පුද්ගලයෙකුට ඔවුන්ගේතරාතිරම නොබලා මරණීය දණ්ඩනය ලබා දිය යුතු බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය උපයෝගී කර ගනිමින් රට තුළ තවත් ඛේදවාචකයක් ඇති කර රට ගිනි තැබීමට දේශපාලන හස්ත රැසක්ක්‍රියාත්මක වෙමින් පවතින බවත්,ත්‍රස්තවාදී හා අන්තවාදී ක්‍රියා උපයෝගී කර ගනිමින් තම දේශපාලන ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට ඔවුන් උත්සහා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

83 කළු ජූලිය සමඟ ද්‍රවිඩ ජනතාවගේ නිවාස, දේපළ,ව්‍යාපාරික ආයතන හා ජීවිත රැසක් විනාශ වූ අතර එම සිදුවීමෙන් අනතුරුවL.T.T.E.ත්‍රස්තවාදීසංවිධානයට නොසිතූ අයුරුන් පිරිස් එකතු වී එහි ශක්තිය වැඩි වූ බවත් පැවසූ අමාත්‍යවරයා, ඉකුත් පාස්කු ඉරිදාත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවරට තුළ කැරලි කෝලාහල ඇති කිරීම තුළින්ISIS ත්‍රස්තවාදීන්ටත් එලෙස ශක්තිය ලබා දෙනවාද කියා රටේ ජනතාව බුද්ධිමත්ව සිතා බැලිය යුතු බවත්, මෙලෙසකැරලි කෝලාහල ඇතිවීම තුළින්තවත් කොපමණ පිරිසක් ISIS බඳවා ගැනීමේ පෝලිමට එක්වේවිද කියා තමන්ට සිතෙනබවද මෙහිදී වැඩිදුරටත් පැවැසීය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ රුපියල් ලක්ෂ 1,000 ක වියදමින් ඉදිකළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, සූරියවැව මහජන පොළ ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද (16) සහභාගී වෙමිනි.

සජිත් ප්‍රේමදාසඅමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත මෙම මහජන පොළ ඉදිකිරීමසඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 1,000 කි.

මෙහිදී සූරියවැව සඳකැලුම් රංග ආයතනයට රුපියල් ලක්ෂ 3 ක් වටිනා සංගීත භාණ්ඩ සහ සූරියවැව ප්‍රදේශයේ ගොවි සමිති දෙකකට පුටු කට්ටල ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *