(කොළඹ, ලංකාපුවත්) – උතුරු ප්රදේශයේ දුම්රියෙන් සංචාරයේ යෙදෙන විදේශිකයන්ට ලබන 24 වැනිදා සිට දුම්රිය ගාස්තුවෙන් 50%ක වට්ටමක් ලබාදෙන බව,උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා පවසයි.
එම පහසුක හිමිවන්නේ, සිව් දෙනෙකු හෝ ඊට වැඩි විදෙස් සංචාරක කණ්ඩායම් සඳහායි. යාපනයේ සංචාරක හෝටල් බොහොමයක ගාස්තු ද 50%කින් පමණ පහළ දමා ඇත.
මාස 2ක පමණ කාලයක් මෙම සහනය ලබාදීමට පියවර ගෙන ඇති බව, උතුරු පළාත් ආණ්ඩුකාර උප කාර්යාලය නිකුත් කළ නිවේදනයක සදහන්වේ. ඉදිරි කාලය තුළ සංචාරක ආකර්ශනය දිනා ගැනීමේ වැඩසටහන් රැසක් ද සංවිධාන කර තිබේ.