(කොළඹ, ලංකාපුවත්) –ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උළෙලට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (30) උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගියේය.
ඒ උදෑසන 8.20ට ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි.282 දරන ගුවන් යානයෙනි. මෙම ගුවන් යානය දහවල් 11.50ට ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළගා වීමට නියමිතය.