ඉදිරි සතිය අතිශය තීරණාත්මකයි, පළාත් අතර ගමනාගමනය සීමා කළ යුතුයි – වසංගත රෝග විද්‍යා ඒකකය

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉදිරි සතිය අතිශය තීරණාත්මක වියහැකි බව වසංගත‍ රෝග විද්‍යා ඒකකය පවසයි. උත්සව සමය එළඹීමත් සමග ජනතාව වැඩි වශයෙන් ගමන් බිමන්වල නිරතවීම හේතුවෙන් වෛරසය තවදුරටත් ව්‍යාප්ත විය හැකි බවයි එම ඒකකය පෙන්වා දෙයි.

මේ නිසා මහජනතාව හැකිතරම් සංචරණය සීමා කිරීම ඉතා වැදගත් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

විශේෂයෙන් වෛරසය ප්‍රබල ලෙස ව්‍යාප්ත වී ඇති බස්නාහිර පළාත තුළ සංචරණ සීමා ක්‍රියාත්මක වීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. බස්නාහිර පළාතේ ජීවත් වන පුද්ගලයන් අතර වෛසරය පැවතිය හැකි බැවින් ඔවුන් පළාතෙන් පිටව යාම අතිශය භයානක බැවින් බස්නාහිර පළාත සහ සෙසු පළාත් අතර සංචරණය හැකිතාක් අවම කිරීම ඉතා වැදගත් වනු ඇත.

ඊයේ දිනයේදී බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයන් අහඹු ලෙස තෝරා ගනිමින් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී පුද්ගලයන් 05 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *