(කොළඹ, ලංකාපුවත්) – මේ වන විට මහා භාණ්ඩාගාරයට බරක්ව පවතින රජයේ ව්‍යවස්ථාපිත ආයතන 10 ක් ස්වාධීනව ක්‍රියාත්මක වීම සඳහා වන සාමූහික අභිලාශ ගිවිසුමකට අත්සන් කර තිබේ.
ඒ අනුව රාජ්‍ය ඖෂධ සංස්ථාව, පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මිල්කෝ සමාගම, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය රාජ්‍ය දැව සංස්ථාව,පතල් හා කැණීම් කාර්යාංශය, ලංකා සතොස ආයතනය රාජ්‍ය වැවිලි සමාගම සහ කුරුණෑගල වැවිලි සමාගම යන ආයතන තවත් වසර තුනකදී මහාභාණ්ඩාගාරයේ මහජන බදු මුදලින් යැපීම නතර කර ගැනීමට නියමිතය.
එම ආයතනවල කාර්ය සාධනය කාර්යක්ෂමතාවය හා ගුණාත්මකභාවය වැඩිකර ගැනීමට නියමිත අතර එම ආයතන ඊයේ(10) අදාල සාමූහික ගිවිසුමට අත්සන් කර තිබේ.
එම රාජ්‍ය ව්‍යවසායන්හි ප්‍රධානීන් එම ව්‍යවසායන් අයත් අමාත්‍යාංශයේ ලේකම්වරු හා මහා භාණ්ඩාගාර වෙනුවෙන් නියෝජිතයෙකa ආදී වශයෙන් එම ගිවිසුම්වලට අත්සන් තැබූහ.