සෙලාන් බැංකුව වෙතින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් අපනයනය පිළිබඳ වෙබ් සම්මන්ත්‍රණයක්

(ලංකාපුවත් | කොළඹ) –සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් නොමිලේ වෙබ් සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ලංකා වාණිජ මණ්ඩලය හා එහි සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරද මෙම සම්මන්ත්‍රණය සමග එක් වීමට නියමිතය. අපනයනයට අදාළ step-by-step functionality (පියවරෙන් පියවර ක්‍රියාකාරිත්වය) පිළිබඳ මෙම සම්මන්ත්‍රණයේදී සාකච්ඡා කිරීමට නියමිතය.

2022 ජනවාරි මස 23 වන දින ප.ව 4.00 සිට ප.ව 5.30 දක්වා මෙම සම්මන්ත්‍රණය පැවැත්වෙනු ඇත. Zoom, LinkedIn, සහ YouTube ඔස්සේ මෙන්ම සෙලාන් බැංකුවේ නිල සමාජ මාධ්‍ය පිටු ඔස්සේද මෙය සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *