චීන ජනපති උතුරු කොරියාවට යන බව කියයි

(කොළඹ, ලංකාපුවත්) – චීන ජනාධිපති ෂි ජින්පින් උතුරු කොරියාවේ සංචාරයක නිරත වන බව නිවේදනය කර ඇත.

2005 වසරින් පසු සිදු කරන පළමු චීන රාජ්‍ය සංචාරය මෙය වන අතර උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-අන් මුණ ගැසීම මෙම සංචාරයේ මූලික අරමුණ වේ. දෙරටේ නායකයින් දෙපළ චීනයේදී සිව් වරක් හමු වී සාකච්ඡා පවත්වා ඇත. මෙවර හමුවේ දී උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩසටහන මෙන්ම ආර්ථික ගැටළු පිළිබඳව ද සාක්චඡා කරනු ඇති බව විශ්වාස කෙරේ.

ප්‍රධාන වෙළෙඳ සහකරුවකු වශයෙන් උතුරු කොරියාව චීනයට වඩාත් වැදගත් රාජ්‍යයක් වේ. මෙම සංචාරය ජපානයේ පැවැත්වෙන ජී20 සමුළුවට සුමානයකට පෙර සිදු වන අතර, ජී 20 සමුළුවේ දී චීන ජනාධිපතිවරයා අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් හමුවීමට ද නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *