(කොළඹ, ලංකාපුවත්) – ජලය අපිරිසිදු වීම හේතුවෙන් සෑම තප්පර 15ට වරක් ලොව කොතනක හො දරුවකු මියයන බවත්, ජලය සුරකීමට නිසි වැඩසටහනත් නොතිබුනොතින් ශ්‍රි ලංකාවේ අපට ද අනාගතයේ දි මෙම විවසනටය මුණ දීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ භු විද්‍යාඥ මංගල රාජපක්ෂ මහතා සදහන් කරයි.
ජලය සුරක්ෂිත කිරීමේ සැළසුම් හදුන්වා දීම පිළිබඳව රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයින් දැනුවත් කිරීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි පසුගිය දා පැවැති වැඩසටහනකට එක්වෙමින් මංගල රාජපක්ෂ මහතා මෙම අදහස් පැවසීය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතාගේ මගපෙන්වීම යටතේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික් සිවිල් සංවිධාන එකමුතුව විසින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් පි.ඒ. සරත් චන්ද්‍ර, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) අමිල නවරත්න, දිස්ත්‍රික් රජ්‍ය නොවන සංවිධාන සම්බන්ධිකාරක නිලංග මංජු ශ්‍රී යන මහත්වරු ඇතුඵ විශාල පිරිසක් එක්ව සිටිහ.