ලංගමට අතිනවීන සුපභෝගි බස්රථ අග්‍රාමාත්‍යතුමා අතින්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ ඇණිය අති නවීන සුඛෝපභෝගී බස්‍ රථවලින් සන්නද්ධ කිරීම ඊයේ සිදුවිය. ඒ අති නවීන සුඛෝපභෝගී බස්රථ 2000ක් ගෙන්වීමේ ව්‍යාපෘතියේ මුල් අදියර ක්‍රියාත්මක කරමින් චීනයෙන් ගෙන් වූ කින්ග් ලෝන්ග් බස්‍ රථ 9ක් ලංගම ඩිපෝ වෙත භාර දෙමිනි.

එහි උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේදීය.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අති සුඛෝපභෝගි බස් රථ එක් කිරීමේ ව්‍යාපෘතිය අමාත්‍ය මණ්ඩලය අනුමත කළ ව්‍යාපෘතියකි. ඒ යටතේ කැඳවූ ටෙන්ඩර් ක්‍රියාවලියකින් පසුව සුඛෝපභෝගී බස් රථ ලංගමට සැපයීමේ නියෝජිත ආයතනය ලෙස පත් වූයේ සොෆ්ට්ලොජික් ආයතනයයි. එම ආයතනය චීනයේ කින්ග් ලෝන්ග් සමාගමෙන් ගෙන්වූ මෙම කින්ග් ලෝන්ග් බස් රථයක මිල රු. මිලයන 17.1කි. ලාභ ලබන ශ්‍රී ලංගම ඩිපෝ තම මුදලින් මෙම බස්රථ මිලදි ගැනිණ. ඒ ඩිපෝ මධ්‍යම බස් නැවතුම් කාර්යාලය බස් රථ 02ක්, මහරගම ඩිපෝව බස්රථ 02ක්, මොරටුව සුපභෝගි බස් ඩිපෝව බස්රථ 02ක්, පොළොන්නරු ඩිපෝව 01ක්, මාතලේ ඩිපෝව බස්රථ 01ක් වශයෙනි. වැය කළ සම්පූර්ණ මුදල 153.9කි.

ලංගම ඩිපෝ වෙත ලබා දුන් ලෝන්ග් වින්ග් මාදිලියේ බස් රථය 2017 වර්ෂයෙන් පසුව කින්ග් ලෝන්ග් සමාගම විසින් නිකුත් කළ නවතම බස්රථ මාදිලියකි. එම මාදිලියේ බස්රථ තවමත් අපනයනය කර ඇත්තේ යුරෝපා රටවලට පමණක් වේ. ආසියානු රටකට ප්‍රථම වරට මෙම බස්රථ ආනයනය කර ඇත්තේ ශ්‍රී ලංකාවයි. සි.එන්.කැප්. යන ආරක්ෂක ප්‍රමිති පරික්ෂණයෙන් එම බස් රථය ලකුණු 98.02ක් ලබා ගනිමින් ආරක්ෂක තත්වය ඉතා උසස් බවට තහවුරු වී ඇත. එමෙන්ම සෑම අසුනකම USB සබදතාවයද ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන තනි තනිව කියවිය හැකි විදුලි පහන් පද්ධතියද මෙම බස් රථයේ දක්නට ඇත. රියදුරාට බස්රථය පාලනය කර ගැනීම සඳහා ස්වයංක්‍රිය පාලන පද්ධතිය, මඟීන් සඳහා ශිතකරණ සහ විදුලි ආලෝක පද්ධතිය මෙන්ම CCTV කැමරා පදධතියද මෙහි වෙයි. බස්රථය ධාවනය කරන අතරතුරදි ඒ පිළිබඳ සොයා බැලිමේ ජි.පි.ස්. තාක්ෂණික ක්‍රමවේදයද මෙම බස්රථයෙහි වෙයි. ලොව ප්‍රමුඛතම එන්ජින් සමාගමක් වන චීනයේ යූචා සමාගම විසින් නිෂ්පාදිත අශ්ව බල 330ක ධාරිතාවයෙන් යුතු එන්ජිමක් මෙම බස් රථයට යොදවා ඇති අතර ශ්‍රි ලංකාවේ ඕනැම මාර්ගයක ධාවනය සඳහා එය නිර්දේශ කෙරේ. ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ සියයට සියයක්ම පිලිවිතර වලට අනුව මෙම බස්රථය නිෂ්පාදනය කර ඇති බවද සොෆ්ට් ලොජික් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමණාකාර නිශාන් ජයතිලක මහතා පවසයි. එම සුඛෝපභෝගී බස්‍ රථ අද ශාලිකා ක්‍රීඩාංගනයේ පැවැති උත්සවයේදී ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට නිල වශයෙන් භාර දුන්නේ සොෆ්ට් ලොජික් ආයතනයේ අධ්‍යක්ෂ හේමන්ත කුලරත්න මහතා විසිනි. එහිදී එම උත්සවය ඇමතු ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කර සිටියේ,

“මේ වනවිට මහජනතාව පොදු ප්‍රවාහනයෙන් ඉවත් වෙමිනුයි ඉන්නේ. එකට හේතුව තමයි පොදු ප්‍රවාහනයේ තියෙන අඩුපාඩු. අපි මේ ගැන සොයා බැලිමේදි අපට පෙනි ගිය එක් කරුණක් තමයි ශ්‍රි ලංකා දුම්රිය සේවාවත් ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයත් සංවර්ධනය වෙලා, වැඩි දියුණු වෙලා නොතිබිම. අපි තවම පුරුදු වෙලා ඉන්නේ ලොරි චැසිවල ගහපු බස්රථවල ගමන් යන්න. අපි මේ තත්වය වෙනස් කරන්න කටයුතු කළා. ඕනෑම රජයක් බලන්නේ මේ තියන බස් වලට මිනිස්සු පටවලා ඒ බස්ම දුවවන්න. අපි මේ ක්‍රමවේදය වෙනස් කරන්න බොහෝ කැප වුණා. මින් ඉදිරියටත් ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයටත් පෞද්ගලික අංශයටත් මේ වගේ ලොරි චැසිවල ඉදිකරපු බස් ගෙන්න බැරි වෙන විදහට නීති රීති සකස් කරනවා. එකෙන් අපි කරන්නේ තරවටු කිරීමක්වත් කවුරුත් පීඩනයට ලක් කිරීමක් නොවේ.

පෞද්ගලික අංශය හා එකාබද්ධ කාලසටහන් ක්‍රමයට අනුව බස් ධාවනය කරන්න අපට තවත් බස් 4000 ක් අවශ්‍යයි. දැනටමත් අපි බස් 2000ක් ගෙන්න වැඩ කටයුතු සුදානම් කරලයි තියෙන්නේ. මින් ඉදිරයට අපි බස් ගෙන්න මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගන්න අදහස් කරන්නේ නැහැ. ආයෝජකයන් හරහා බස්රථ ගෙන්නලා ඒවා අපට අයිති වෙන විදියේ වැඩ පිළිවෙලක් අපි දැන් සකස් කරලයි තියෙන්නේ. දැනටමත් ඒ වැඩ පිලිවෙළින් 90% ක් අවසන් කරලයි තියෙන්නේ. ඒ වගේම අබාධිත පුද්ගලයින්ට පහසුවෙන් බස්රථයට ගොඩ වීමටත් බැසිමටත් අවශ්‍ය පහසුකම් සහිත බස්රථ ගෙන්වීමට අපි කටයුතු කරනවා. ඒ වගේම අපි මෙතෙක් ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ තිබුණු මේ ක්‍රමවේදයෙන් අපි බැහැරවෙන්න උත්සහා කරනවා. ඒ සඳහා නව තාක්ෂණික ක්‍රමවේදයක් සකස් කරන්න කටයුතු කරනවා… යනුවෙනි.

උත්සව සභාව ඇමතු ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා, ”විශේෂයෙන්ම මෙම බස්රථ මිලදි ගෙන තියෙන්නේ අත්පිට මුදලට මහා භාණ්ඩාගාරයෙන් ලබා ගත් මුදල්වලින් නෙවෙයි. ලාභ ලබන ඩිපෝ වලින් ඒ උපයාගත් මුදල් වලින්. ඒ වගේම මින් ඉදිරියට ලොරි චැසි වල ගහපු බස් රථ ගෙන්නන් දෙන් නැහැ. මේ සම්බන්ධයෙන් අපි පිලිවිතර 09ක් හදලා තියනවා. මින් ඉදිරියට මගි ප්‍රවාහන බස්රථ ආනයනය කිරීමේදි මේ පිලිවිතර වලට අනුව බස්රථ සකස් විය යුතුයි. අපි මේ පිලිවිතර නීතිගත කරන්න කියලා මොටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුවට භාර දුන්නා. ඒ අනුව මඟී ප්‍රවාහනයට සුදුසු බස්රථ ඉදිරියේදි ලැබෙවි. දැනට පොදු මගී ප්‍රවාහන 75% සිට 40% දක්වා අඩු වෙලා තියනවා. ඒකට හේතු කිහිපයක්ම තියෙනවා….” යැයිද ප්‍රකාශ කලේය.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට ශ්‍රී ලංගම සභාපති උපාලි මාරසිංහ ඇතුලුව සම්භාවනීය අමුත්තන් රැසක් එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *