(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව ලෝකයේ සරම්ප රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (09) නිවේදනය කළේය.
ගෝලීය සරම්ප රෝගීන්ගේ සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති මොහොතක ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස සරම්පවලින් ළමයින් ආරක්ෂා කිරීමට සෞඛ්‍ය අංශ ඉතා සාර්ථකව කටයුතු කර ඇති බවත් ඒ සඳහා දෙමව්පියන්ද විශාල කැපකිරීමක් කර ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නැගෙනහිර කලාපීය අධ්යක්ෂ පූනම් හේත්රපාල් මහතා පැවසීය.
සෞඛ්‍ය අංශ හා එක්ව ස්වාධීනව තහවුරු කරගත් තොරතුරු මඟින් මෙය නම් කර ඇති අතර ශ්‍රී ලංකාවේ අවසන් සරම්ප රෝගියා වාර්තාවී ඇත්තේ 2016 වසරේදීය.
භූතානය, මාලදිවයින සහ ටිමෝර්-ලෙස්ටේ යන රටවලට පසුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ සිවු වන රට ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇත. මේ වන විට අප්‍රිකාවේ සරම්ප රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 700ක ගුණයකින් ඉහළ ගොස් ඇත. එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ ලෝකයේ සියලු කලාපයන්ගේ සරම්ප රෝගය ශීඝ්‍ර ලෙස ඉහළෑමේ ප්‍රවණතාවක් ඇති බවයි. මෙයින් වඩාත් පීඩාවට පත්ව ඇත්තේ යුක්රේනය, මැඩගස්කරය සහ ඉන්දියාව යන රටවල්ය.
ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා මැඩගස්කරයේ පුද්ගලයින් 800 දෙනෙකු මිය ගොස් ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ. බ්‍රසීලය, පකිස්ථානය හා යේමනයේද කුඩා ළමුන් ඇතුළු මරණ රැසක් වාර්තා වී ඇත.