සමන් දිසානායක දමයන්ති ජයරත්න අත්අඩංගුවට ගන්න

(කොළඹ, ලංකාපුවත්) –ඇවන්ගාඩ් සිදුවීමට අදාළ නඩුව සම්බන්ධයෙන් දිසානායක මුදියන්සේලාගේ සමන් දිසානායක සහ දමයන්ති ජයරත්න යන අයවලුන් අත්අඩංගුවට ගැනීමට අදාළව විශ්ලේෂණාත්මක ලිඛිත උපදෙස් නිකුත් කරමින් ඔවුන් දෙදෙනා සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලෙසට නීතිපති ජනාධිපති නිතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ඊයේ (17) ලිඛිතව දැනුම් දුන්නේය.

නීතිපතිවරයා මෙලෙස විශ්ලේෂණාත්මක උපදෙස් ලිඛිතව දැනුම් දුන්නේ පසුගිය 11 වැනිදා වැඩබලන පොලිස්පතිවරයා නීතිපතිවරයා වෙත ලිඛිත දැනුම්දීමක් කරමින් චුදිතයින් දෙදෙනාට එරෙහිව තිබෙන වරදවල් පිළිබඳව විග්ලේෂණාත්මක උපදෙස් ඉල්ලා තිබීම නිසා බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පැවසුවාය. තවදුරටත් රජයේ අධිනීතිඥවරිය මෙසේද ප්‍රකාශ ක‍ළාය.

සමන් දිසානායක නැමැති චුදිත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට මූලික අයිතිවාසිකම් අයැදුම්පතක් 20/19 යටතේ ගොනුකර එය නිෂ්ප්‍රභ වී ඇත. එම පෙත්සම මඟින් චුදිත ඉල්ලා සිටියේ චුදිතව අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාලන ලෙසටයි. චුදිතගේ පෙත්සම නිෂ්ප්‍රභවී තිබෙන නිසා ඔහුව අත්අඩංගුවට ගැනීමට බාධාවක් නොමැති නිසා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

දමයන්ති ජයරත්න චුදිත අත්අඩංගුවට ගැනීමට විශ්ලේෂණාත්මක උපදෙස්ද ලිඛිතව නීතිපතිවරයා ලබාදී තිබේ. චුදිතයින් දෙදෙනාට එරෙහිව පැහැදිලි සාක්ෂි තිබෙන නිසා චුදිතයින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසට නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට යවන ලද ලිඛිත දැනුම්දීමෙන් දන්වා යවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *