කළු ජගුවරයා මහජන ප්‍රදර්ශනයට

(කොළඹ, ලංකාපුවත්) – වඳවී යාමේ තර්ජනයට ආසන්න කළු ජගුවරයකු පසුගිය මාසයේ 22 දා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල මඟින් දෙහිවල සත්ත්වෝද්‍යානයට රැගෙන විත් තිබේ. එසේ රැගෙන කළු ජගුවරයා ඊයේ (23) සිට ව්‍යාඝ්‍ර කුටිය තුළ මහජන ප්‍රදර්ශනය සඳහා නිදහස් කර ඇත.

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් රෝයල් සත්ත්වෝද්‍යානයෙන් මෙම සත්ත්වයා මෙරටට ගෙන ආ බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනෝමා පෙරේරා මහත්මිය සඳහන් කළාය.

වසර 2017- 06- 28 දින උපත ලද මෙම ගැහැනු සත්ත්වයාට මේ වනවිට වයස අවුරුදු ‍දෙකක් පමණ වේ. මොවුන්ගේ වාසස්ථාන අහිමිවීමත් මොවුන් දඩයම් කිරීමත් නිසා මෙම සතුන් වඳවීයාමේ තර්ජනයට මුහුණ දී ඇත. මොවුන්ගේ ලිංගික පරිනතිය වන වයස කාලය අවුරුදු 03 – 04 පමණ වේ. ගැබ් කාලය දින 90 – 103 දක්වා වේ. මොවුන්ගේ ආයු කාලය අවුරුදු 12 – 15 අතරය. සත්ත්වෝද්‍යානය තුළදී මොවුන් අවුරුදු 20 ක පමණ ආයු කාලයක් ගෙවයි.

මාංශ භක්ෂකයන් වන ජගුවරයන් ක්ෂීරපායී යටතට ගැනේ. මුවන්, වල් ඌරන්, පෙකරි, ටේපියර් , කැපිබරා යන සතුන් ද ආහාරයට ගනී. හුදකලා ජීවිතයට ප්‍රියකරන මොවුන් උදෑසන සහ සවස් කාලය වඩාත් ක්‍රියාශීලී වේ. මධ්‍යම සහ දකුණු අමෙරිකාව තුළ ඝන වනාන්තර සහ වගුරු බිම් ආශ්‍රිතව මොවුන්ගේ ව්‍යාප්තිය සිදුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *