(කොළඹ, ලංකාපුවත්) –වැල්ලවත්ත ප්‍රදේශයේ ලක්මුතු සෙවන නිවාස සංකීර්ණයේ පිරිසක් හා පුද්ගලික කොන්ත්‍රාත් සමාගමක පිරිසක් අතර හට ගත් ගැටුමක් පොලීසිය සහ ආරක්ෂක අංශ මැදිහත්ව සමථයකට පත් කර ඇත.
ගැටුම් හෙතුවෙන් එම දෙපාර්ශවයේ පුද්ගලයින් තිදෙනෙකු සහ පොලිස් නිලධාරීන් තිදෙනෙක් සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට හා කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
ඊයේ(04) රාත්‍රී 10.45ට පමණ මෙම ගැටුම හට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බීමත්ව ඇති වු ආරවුලක් මත මෙම ගැටුම හටගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
වැල්ලවත්ත පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.