සුෂ්මා ස්වරාජ් අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවේ හිටපු විදේශ කටයුතු අමාත්‍ය සහ ඉන්දීය භාරතීය ජනතා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකා සුෂ්මා ස්වරාජ් මහත්මිය ඊයේ(06) අභාවප‍්‍රාප්ත වී තිබේ.

හෘද්‍යාබාධයකින් නවදිල්ලි නුවර පිහිටි රෝහලකදී ඇය අභාවප‍්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. 1952 පෙබරවාරි මස 14 වනදා උපත ලද ඇය, මියයනවිට 67 වන වියේ පසුවිය.

මෙවර ඉන්දීය මහ මැතිවරණයටද සුෂ්මා ස්වරාජ් මහත්මිය ඉදිරිපත් නොවූයේ ඇයගේ සෞඛ්‍ය තත්වය සැළකිල්ලට ගෙනය.

ඉන්දීය ශ්‍රෙෂ්ඨාධිකරණයේ හිටපු නීතීඥවරියකද වන සුෂ්මා ස්වරාජ් මහත්මිය 1970 දශකයේ දේශපාලනයට පිවිසුනු අතර හර්යානා ප්‍රාන්තයේ ලාබාලතම අමාත්‍යවරිය බවට ඇය පත්වූයේ 1977 වසරේදීය.

අවස්ථා කිහිපයකදී ශී‍්‍ර ලංකාවේ සංචාරයේ නිරත වූ සුෂ්මා ස්වරාජ් මහත්මිය ඉන්දීය දේශපාලන ඉතිහාසයේ කැපී පෙනෙන චරිතයක් ලෙස සැලකේ. ඇගේ අභාවය වෙනුවෙන් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිද සිය ට්විටර් ගිණුම හරහා ශෝකය පළ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *