(කොළඹ, ලංකාපුවත්) –කෘෘර අන්තවාදය පරාජය කිරීමට අවශ්‍යය පියවර ගන්නා අතරම, රටේ වාර්ගික සාමය සහ සන්හිඳියාව ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව සමත් වීම ලෝකයේ අනෙක් රටවලටත් සැබෑ පාඩමක් බව ශ්‍රී ලංකාවේ හිටපු ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ(20 ) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේ දී ය.
පෙරේදා(19) බණ්ඩාරණායක අණුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවති “ජාතික සම්මාන උලෙළ 2019“ හි දී ශ්‍රී ලාංකික සහ පොදුවේ මානව වර්ගයා වෙනුවෙන් සිදු කරන ලද විශිෂ්ට සේවය ඇගැයීම වෙනුවෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් නොවන පුද්ගලයන් සඳහා ප්රදානය කරනු ලැබු “ශ්‍රී ලංකා රත්න සම්මානයෙන්“ ජපන් ජාතික යසුෂි අකාෂි මහතා පිදුම් ලැබීය.
ශ්‍රී ලංකාවේ සාමය සහ සන්හිඳියාව ඇති කිරීම වෙනුවෙන් අකාෂි මහතා දැරූ නොමඳ උත්සාහය වෙනුවෙන් ජනාධිපතිතුමා ඔහුට මෙහිදී ස්තූතිවන්ත විය. එමෙන්ම ඔහුට ලෝක සාමය තහවුරු කිරීම වෙනුවෙන් ඉදිරියටත් කැප වීමට අවශ්‍යය ශක්තිය ධෛර්ය සහ දීර්ඝායු ලැබේවා යැයි සුභ පැතුම් එක් කළ ජනාධිපතිතුමා පැවසුවේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය වර්ධනය කිරීමට එතුමා කළ කටයුතු විශේෂයෙන් අගය කරන බවයි.