ඇමසන් ආධාර බ්‍රසීලය ප්‍රතික්ෂේප කරයි

(කොළඹ, ලංකාපුවත්) – ඇමසන් වනාන්තරයේ ගිනි නිවා දැමීමම සදහා ජී – 7 කණ්ඩායම ලබාදෙන ආධාර බ්‍රසීල රජය ප්‍රතික්ෂේප කර ඇත.

ආධාර ප්‍රතික්ෂේප කිරීමට හේතුව සම්බන්ධයෙන් කිසිදු සදහනක් බ්‍රසීල රජය සිදු කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජී – 7 සමුළුවට සත්කාරකත්වය දැක්වූ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්ක්‍රෝන් කියා සිටියේ ඇමසන් වනාන්තර ආශ්‍රිත ගිනි පාලනය සදහා ඩොලර් මිලියන 22ක ආධාර ලබා දෙන බවය. කෙසේ නමුත් එම ආධාර ප්‍රතික්ෂේප කිරීමට බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සනාරෝගේ රජය තීරණය කර තිබේ.

බ්‍රසීල රජයේ ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ ඇමසන් වනාන්තරය පුරා පැතිර යන ගිනි පාලනය කළ හැකි බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *