ස්වෛරී රාජ්‍යයක මහජන ආරක්ෂාව සැපයීම අභියෝගයක්

(කොළඹ, ලංකාපුවත්) – බහු සංස්කෘතික සමාජයක ආරක්ෂාව සැපයීමේදී සන්ධාන හමුදා වෙත කැපී පෙනෙන වගකීමක් පැවරී ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

ඔහු පවසන්නේ සෑම ජන කොටසකගේම අයිතීන් සුරක්ෂිත වන ආකාරයෙන් නව ක්‍රමවේදයන් ඔස්සේ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිම යුගයේ අවශ්‍යතාවක් වී ඇති බවයි.

ශ්‍රී ලංකා යුධ හමුදාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ ආරක්ෂක සමුළුව අද(29) අමතමින් යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියේය.

තවදුරටත් එහිදී අදහස් දැක්වූ යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ තොරතුරු යුගයක් තුළ ස්වෛරී රාජ්‍යයක මහජන ආරක්ෂාව සැපයීම අභියෝගයක් වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *