විදේශ රැකියා සම්බන්ධ පරිගණක වංචාව පිළිබඳව පරීක්ෂණ දිගටම

(කොළඹ, ලංකාපුවත්) –කාන්තාවන්ගේ විදේශ රැකියා සම්බන්ධයෙන් පරිගණක දත්ත ආශ්‍රිතව යම්කිසි වංචාවක් සිදුව තිබෙන බවත් මේ වනවිටත් සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ දිගින් දිගටම සිදුවනබවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා අද (28)පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා සිදුව ඇතැයි කියන වංචව සම්බන්ධයෙන් විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

“වයස අවුරුදු 45 මට්ටමේ කාන්තාවන් විදේශ ගතවීම අඩු වුණා. හොර ක්‍රමවලින් විදේශගතවීමට උත්සහ කළා. සියලු දෙන නීතිය යටතට ගන්න වයස අඩු කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කළේ. පවුල් පසුබිම් වාර්තා නොගත්තත් සංවර්ධන නිලධාරීන් විසින් තොරතුරු සොයා බලනවා. දරුවන් සිටිනවා නම් විදෙස් රැකියාවකට යන්න ඉඩ දෙන්නේ නෑ.

පරිගණක දත්ත ආශ්‍රිතව යම්කිසි වංචාවක් සිදුව තිබෙනවා.අමාත්‍යාංශය පරීක්ෂණයක් කරනවා, තාක්ෂණික වශයෙන් උදව් අරගෙන පරිගණක මාර්ගයෙන් සිදු කළ වංචාව පිළිබඳව.අමාත්‍යාංශ ලේකම්වරය යටතේ දැන් කමිටුව ක්‍රියාත්මක වෙනවා. දැන් චෝදනාවක් නෑ.පරීක්ෂණ දිගටම ක්‍රියත්මක වෙනවා “යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.කාන්තාවන්ගේ විදේශ රැකියා සම්බන්ධයෙන් පරිගණක දත්ත ආශ්‍රිතව යම්කිසි වංචාවක් සිදුව තිබෙන බවත් මේ වනවිටත් සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ දිගින් දිගටම සිදුවනබවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.නියෝජ්‍ය අමාත්‍යවරයා අද (28)පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා සිදුව ඇතැයි කියන වංචව සම්බන්ධයෙන් විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

“වයස අවුරුදු 45 මට්ටමේ කාන්තාවන් විදේශ ගතවීම අඩු වුණා. හොර ක්‍රමවලින් විදේශගතවීමට උත්සහ කළා. සියලු දෙන නීතිය යටතට ගන්න වයස අඩු කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කළේ. පවුල් පසුබිම් වාර්තා නොගත්තත් සංවර්ධන නිලධාරීන් විසින් තොරතුරු සොයා බලනවා. දරුවන් සිටිනවා නම් විදෙස් රැකියාවකට යන්න ඉඩ දෙන්නේ නෑ.

පරිගණක දත්ත ආශ්‍රිතව යම්කිසි වංචාවක් සිදුව තිබෙනවා.අමාත්‍යාංශය පරීක්ෂණයක් කරනවා, තාක්ෂණික වශයෙන් උදව් අරගෙන පරිගණක මාර්ගයෙන් සිදු කළ වංචාව පිළිබඳව.අමාත්‍යාංශ ලේකම්වරය යටතේ දැන් කමිටුව ක්‍රියාත්මක වෙනවා. දැන් චෝදනාවක් නෑ.පරීක්ෂණ දිගටම ක්‍රියත්මක වෙනවා “යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *