ඉන්සි සිමෙන්ති පුත්තලම් කම්හලේ 50 වන සංවත්සර වර්ණ රාත‍්‍රිය උත්කර්ෂවත් ව සමරයි

(කොළඹ, ලංකාපුවත්) –ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන ඉන්සි සිමෙන්ති නොහොත් සියම් සිටි සිමෙන්ති (ලංකා) සමාගමේහි පුත්තලම සිමෙන්ති නිෂ්පාදන කම්හලට පසුගිය දා වසර 50 ක් සැපිරිණි.

සමාගම පැමිණි ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලබන මෙම සැමරුම මගින් ශ‍්‍රී ලංකාවේ පූර්ණ ලෙස ඒකාබද්ධ වූ සිමෙන්ති නිෂ්පාදකයා ලෙස ඉන්සි පුත්තලම සිමෙන්ති කම්හල මෙරටට ඉතා වැදගත් උපාය මාර්ගික ආයෝජනයක් බව ඔප්පු වී තිබේ. එහිදී ඉන්සි සමාගම සංවත්සර වර්ණ රාත‍්‍රිය සමරමින් සිය පුත්තලම කම්හලේ ගෞරවනීය සියලූම සේවකයන්ට රන්කාසි ප‍්‍රධානය කළේය.

මෙහිදී අදහස් දැක්වූ ඉන්සි සිමෙන්ති හි සංවිධාන හා මානව සම්පත් අධ්‍යක්ෂ චන්දන විජයනාම මහතා මෙසේ පැවසුවේ ”ඉන්සි සිමෙන්ති හි ක‍්‍රීඩාව දිරිගැන්වීම සහ අවධානය යොමු කිරීම මීට වසර 50 කට පෙර සිටමයි ආරම්භ වුයේ. එබැවින් මෙම වර්ණ රාත‍්‍රිය සැබවින්ම අර්ථවත් වර්ණ රාත‍්‍රියක්. ක‍්‍රීඩාව මගින් අපගේ අන්තර් දෙපාර්තමේන්තු අතර අන්තර් ක‍්‍රියාකාරිත්වය වැඩි දියුණු කර ඇති අතර ක‍්‍රියාකාරකම් මෙන්ම පුද්ගලයන් අතර වඩා හොඳ සබඳතා ඇතිකර ගැනීමට විශාල ලෙස දායක වී තිබෙනවා. ක‍්‍රීඩා උළෙල අපගේ වාර්ෂික සෞඛ්‍ය හා සුවතා වැඩසටහනේ කොටසක් වන අතර ඉන්සි සිමෙන්ති පුත්තලම බලාගාරය වසර 50 ක් සමරන මෙම වැදගත් දිනයේදීම ජයග‍්‍රාහකයින් අගය කිරීමට ලැබීම සුවිශේෂී කාරණාවක්. මෙම ක‍්‍රීඩා ඉසව් පසුගිය ජුනි මාසයේදී ආරම්භ වුණා වගේම ඒවා පුත්තලම කම්හලේ මෙහෙයුම් අවශ්‍යතාවන්ට බාධාවක් නොවන පරිදි ලබන දෙසැම්බර් මාසය දක්වාම පැවැත්වෙනවා.’’

ඉන්සි සිමෙන්ති පුත්තලම කම්හල පාර්ලිමේන්තුවේ කර්මාන්තශාලා පනත යටතේ 1969 දී පිහිටුවන ලද අතර, දුම්රියෙන් කුඩා ප‍්‍රමාණවලින් ඇඹරුම් කම්හලට හුණුගල් ගෙන එන ලදී.

මේ පිළිබඳව අදහස් දැක්වූ ඉන්සි සිමෙන්ති හි සභාපති / ප‍්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක මහතා, ”ශ‍්‍රී ලංකාවේ සිමෙන්ති කර්මාන්තයේ ඉහළම වෙළඳපල කොටස සහ විශාලතම පාරිභෝගික පදනමක් ඇති රටේ වඩාත්ම ජනප‍්‍රිය සිමෙන්ති වෙළඳ නාම වන සන්ථා සහ මහවැලි මැරීන් ප්ලස් නිෂ්පාදනය කිරීම ගැන අපි ආඩම්බර වෙනවා. අපගේ නිෂ්පාදන රටේ සංවර්ධන ව්‍යාපෘති සඳහා වැදගත් සම්පතක් වන අතර ජාතියේ වර්ධනයට හා සමෘද්ධියට සැලකිය යුතු දායකත්වයක් සපයනවා. අපගේ භූ දර්ශනය වගේම අපගේ සියලූ ජනතාවගේ ජීවන රටාව වැඩි දියුණු කරමින් වෙනස් කරන මහාමාර්ග, වරාය, ගුවන්තොටුපල, වේලි, පාලම් සහ උස් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අප සිමෙන්ති සැපයීම ගැන ඇත්තේ අභිමානයක්.

ඉන්සි සිමෙන්ති ගුණාත්මකභාවය සඳහා විශාල ප‍්‍රමුඛතාවයක් දක්වන අතර එය දේශීය හා බි‍්‍රතාන්‍ය ප‍්‍රමිතීන්ට අනුකූල බව සහතික කර ඇත. ඉන්සි සිමෙන්ති හි නිෂ්පාදන ක‍්‍රියාවලියේ ගුණාත්මකභාවය පාලනය කිරීම සහ තත්ත්ව සහතික කිරීම අත්‍යවශ්‍ය අංගයක් වන අතර සේවකයින්, කොන්ත‍්‍රාත්කරුවන්, සැපයුම්කරුවන්, ගනුදෙනුකරුවන්, අමුත්තන් සහ ප‍්‍රාදේශීය ප‍්‍රජාව සඳහා වන මෙහෙයුම් වලදී හානිය ශුන්‍ය කිරීම පුත්තලම් බලාගාරයේ අරමුණ වන අතර සිමෙන්ති පාරිසරික ප‍්‍රමිතීන්ට අනුකූල ව නිෂ්පාදනය කෙරෙයි.

පුත්තලම සිමෙන්ති කම්හල පුත්තලම ප‍්‍රදේශය තුළ සහ ඒ අවට පාර්ශවකරුවන් 10,000 කට අධික සංඛ්‍යාවකට සෘජුව හා වක‍්‍රව බලපැම් කරයි. 2017 දී ඉන්සි සමාගම විසින් ව්‍යවසාය පදනම් කරගත් වෘත්තීය අධ්‍යාපන (EVE) පුහුණු මධ්‍යස්ථානය සහ ජාතික ආධුනික හා කාර්මික පුහුණු අධිකාරිය (NAITA) අතර අවබෝධතා ගිවිසුම අළුත් කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේය. 2007 දී ආරම්භ කළ ව්‍යාපෘතිය යටතේ පුත්තලම් ප‍්‍රදේශයේ සිසුන්ට ජාතික වෘත්තීය සුදුසුකම් 4 වන මට්ටම ලබා දෙන අතර ඉංග‍්‍රීසි භාෂාව හා තොරතුරු තාක්ෂණය මෙන්ම වායු විද්‍යාව, හයිඩ්‍රොලික්, යකඩ වැඩ / ඇඹරුම් හා ඔටෝ කැඞ් ඇතුළු අදාළ විෂයයන් පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබාදෙයි.

ශ‍්‍රී ලංකාවේ ඉන්සි සිමෙන්ති, සියැම් සිටි සිමෙන්ති (ලංකා* ලිමිටඞ් ලෙසද හැඳින්වෙන අතර තායිලන්තයේ සියැම් සිටි සිමෙන්ති පොදු සමාගමේ සාමාජිකයෙකි. ඉන්සි සිමෙන්ති ශ‍්‍රී ලංකාවට පූර්ණ ලෙස ඒකාබද්ධ වූ එකම සිමෙන්ති නිෂ්පාදකයාය. ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ජනප‍්‍රියම වෙළඳ නාම වන ඉන්සි සංස්ථා බ්ලෙන්ඩඞ් සිමෙන්ති සහ මහවැලි මෙරින් සිමෙන්ති නිෂ්පාදනය කරනු ලබන්නේ ඉන්සි සමාගම විසිනි. සමාගමේ ප‍්‍රමුඛතම සන්නාමය වන සන්ථා සිමෙන්ති යනු ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද ප‍්‍රථම බ්ලෙන්ඞ් සිමෙන්ති වන අතර හරිත ගොඩනැගිලි කවුන්සිලය වෙතින් හරිත ලේබල් කිරීමේ සහතිකය ලබාගත් පළමු ”හරිත සිමෙන්ති නිෂ්පාදනය” ද එය වේ. සමාගමේ අති නවීන පෑලියගොඩ ඉන්සි කොන්ක‍්‍රීට් නිෂ්පාදන කර්මාන්ත ශාලාව මගින් කොන්ක‍්‍රීට් පදනම් කරගත් විසඳුම් (පෙර සැකසුම් කොන්ක‍්‍රීට්* නිෂ්පාදනය කරයි. එය පරිසර හිතකාමී පුර්ණ ප‍්‍රතිචක‍්‍රීකරණ ක‍්‍රියාවලියක් සහිත ශුන්‍ය-විසර්ජන බලාගාරයකි.

ඉන්සි පෑලියගොඩ නවෝත්පාදන හා යෙදුම් (I&A) මධ්‍යස්ථානය විසින් නිෂ්පාදනය කර වෙළඳපොළට බෙදා හරින සියලූම කොන්ක‍්‍රීට් හා සිමෙන්තිවල උසස් තත්වයේ අනුකූලතාව සහතික කරන අතර ක්ෂේත‍්‍රයට නව නිෂ්පාදන හා විසඳුම් අඛණ්ඩව සංවර්ධනය කරනු ලබයි..

තවද, ඉන්සි සිමෙන්ති තායිලන්තයේ සහ ඉන්දුනීසියාවේ ජනප‍්‍රිය ලී සඳහා ආදේශක කොන්ක‍්‍රීට් නිෂ්පාදනයක් වන ‘‘කොන්වුඞ්’’ ශ‍්‍රී ලංකාවට ආනයනය කර අලෙවි කරනු ලබයි. එසේම මහවැලි මැරීන් සිමෙන්ති (පුද්ගලික) සමාගම සහ ඉන්සි ඉකෝසයිකල් ලංකා වැනි උප සමාගම්ද ඉන්සි සමාගම සතුව වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *