සදාහරිත වාර්ෂික සම්මාන රාත‍්‍රියේදී සිය විශිෂ්ටත්වය හා නව්‍යකරණය සමරයි

(කොළඹ, ලංකාපුවත්) –ජනතාවට විශිෂ්ට ප‍්‍රතිලාභයක් සහිත හරිත ආයෝජන අවස්ථා ලබා දෙන සැබවින්ම ශ‍්‍රී ලාංකික සමාගමක් ලෙස ජනප‍්‍රසාදය දිනා ඇති සදාහරිත වැවිලි සමාගම 2018/19 වාර්ෂික සම්මාන රාත‍්‍රිය පසුගියදා පැවැත්වීය.

‘‘බාධක තරණය’’ යන තේමාව යටතේ පවත්වන ලද සදාහරිත 2018/19 සම්මාන රාත‍්‍රියේදී කාර්ය මණ්ඩලයේ කාර්ය සාධනය, නිෂ්පාදන හැකියාවන් සහ වෙහෙස මහන්සිය අගය කෙරිණි.

මෙම විශේෂ සම්මාන උළෙල 2019 ජූලි මස 18 වන දින දෙහිවල, අත්තිඩිය, ඊගල්ස් ලේක්සයිඞ් හි දී සදාහරිත සමාගමේ සභාපති සතිස් නවරත්න මහතාගේ සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී 2018/19 වර්ෂය තුළ විශිෂ්ටතා දැක්වූ අලෙවිකරණ කාර්ය මණ්ඩලයට, සම්මාන 250 කට අධික ප‍්‍රමාණයක් ඇතුළුව විදේශ සංචාර, මුදල් ත්‍යාග සහ සහතික පිරිනමන ලදී. මීට අමතරව, සේවකයින් කිහිප දෙනෙකුගේ කැපී පෙනෙන දායකත්වය වෙනුවෙන් විශේෂ සම්මාන පිරිනැමීමක්ද සිදු කෙරිණි.

සම්මාන රාත‍්‍රියේදී පානදුර 1වන ශාඛාවේ දේවිකා විජේගුණසේකර මහත්මිය වසරේ විශිෂ්ටතම අලෙවිකාරිණිය ලෙස සම්මාන ලැබූ අතර, මාතර 1වන ශාඛාවේ ජේ්‍ය්ෂ්ඨ ශාඛා කළමනාකරු සරත් කුමාර අඛණ්ඩව දෙවන වරටත් ”විශිෂ්ටතම ශාඛා සම්මානය” හිමිකර ගත්තේය. එසේම කලාප 2 නියෝජනය කරමින් රුක්මන් රත්නායක මහතා විසින් විශිෂ්ටතම කලාපයට හිමි සම්මානය දිනා ගත්තේය.

සම්මාන උළෙලට සපැමිණි පිරිස අමතමින් සභාපති සතීස් නවරත්න මහතා මෙසේ පැවසීය. ”අපගේ සේවකයින්ගේ ගුණාත්මකභාවය සහ උද්යෝගිමත්භාවය පිළිබඳව මා නැවත නැවතත් පුදුමයට පත්වනවා. ගෝලීය අගාර්වුඞ් වෙළඳපොලේ වැඩිම අගාර්වුඞ් ගස් ව්‍යාප්ත කරනු ලබන ප‍්‍රධාන ආයතනයක් ලෙසත් ලෝකයේ හොඳම තත්ත්වයේ අගාර්වුඞ් නිෂ්පාදනය කරන ආයතනයක් ලෙසත් අප සමාගම ඉතා ඉක්මනින් මුළු ලෝකයේම පිළිගැනීමට ලක් වනු ඇති. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා අපගේම නව එන්නත් කිරීමේ මෙහෙයුම විශාල පිටිවහලක් වන අතර අනාගතයේ දී අවම වශයෙන් වාර්ෂිකව ගස් 100,000 ක් එන්නත් කිරීමට බලාපොරොත්තුව සිටිනවා.”

සදාහරිත වැවිලි සමාගම, ජාතියේ වාණිජ වන වගාවේ පුරෝගාමියා වන අතර අගාවුඞ් හි වාණිජ නිෂ්පාදනය සඳහා එකම පේටන්ට් බලපත‍්‍ර හිමිකරුවාය. ශ‍්‍රී ලංකාවේ වාණිජ වන වගා කර්මාන්තයේ වර්තමාන වෙළඳපොළ ප‍්‍රමුඛයා ලෙස, සදාහරිත වැවිලි සමාගම විසින් සේවකයින් 1150 කට වැඩි පිරිසකට රැුකියා අවස්ථා නිර්මාණය කර දී ඇත. සමාගමේ ස්ථාවර වර්ධනයේ පදනම ගනුදෙනුකරුවන් 30,000 කට අධික සංඛ්‍යාවකගේ විශ්වාසනීයත්වය මගින් ශක්තිමත් වී තිබේ.

සදාහරිත වැවිලි සමාගමේ මෙහෙයුම් අඛණ්ඩව වර්ධනය වන හෙයින්, නිෂ්පාදන බෙදාහැරීමේ ශාඛා 30 ක් සහ 500 කට අධික විකුණුම් කාර්ය මණ්ඩලය මගින් එහි තෘප්තිමත් පාරිභෝගික ජනතාවට උසස් සේවාවක් සැපයීමට කැපවී සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *