(කොළඹ, ලංකාපුවත්) – අද (10) සිට සති පහක කාලයක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවන බව එරට මාධ්‍ය වාර්තා පවසයි. ඒ අනුව යළි පාර්ලිමේන්තුව රැස්වෙනු ඇත්තේ ඔක්තෝබර් 14වනදා ය.
මෙම ක්‍රියාමාර්ගය ගැනීමට හේතුවී ඇත්තේ හදිසි මැතිවරණයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට අගමැති බෝරිස් ජොන්සන් දැරූ උත්සාහය ඊයේ දෙවන දිනටත් අසාර්ථක වීම හේතුවෙනි.
පාර්ලිමේන්තුවේ බහුතර පිරිසකගේ අදහස වන්නේ එකඟතාවකින් තොරව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම වැළැක්වීමට ඊට පෙර පියවර ගත යුතු බවයි.