තොරතුරු මාසයක් එයි

(කොළඹ, ලංකාපුවත්) – මෙම සැප්තැම්බර් මාසයට යෙදී තිබෙන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනයට සමගාමීව මේ මස 15 සිට ඔක්තෝබර් 15 දක්වා කාලය තොරතුරු මාසය ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇත.

තොරතුරු මාසය ප්‍රකාශයට පත් කිරීමටත්, එම කාලසීමාව ඇතුළත තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ආශ්‍රිත ක්‍රියාකාරකම්වල යෙදීමට සියලු රාජ්‍ය ආයතන වෙත උපදෙස් ලබා දීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කිරීමටත්, එයට සමගාමීව දිවයින පුරා සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ඇතුළත් වන පරිදි සිවිල් පුරවැසියන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීමටත්, ‘ගමට තොරතුරු අයිතිය’ මැයෙන් RTI ජංගම සේවාවන් දිස්ත්‍රික් 05ක් තෝරා ගනිමින් ක්‍රියාත්මක කිරීමටත් ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමැති රුවන් විජේවර්ධන මහතාගේඉල්ලීම මත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2016 අගෝස්තු 04 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සම්මත කරන ලද 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත මේ වනවිට ලොව හොඳම සිවුවන පනත ලෙස ශ්‍රේණිගතව තිබේ. එම පනත ක්‍රියාවට නැංවීමේ මූලික වගකීම පැවරී ඇති ජනමාධ්‍ය අමාත්‍යාංශය එය සක්‍රීය ලෙස බලාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *