21 ප්‍රහාරය ගැන කොමිසමට ලැබුණු පැමිණිලි විමර්ශනය මේ සතියේ

(කොළඹ, ලංකාපුවත්) – අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිතුමා පත් කළ කොමිසමට ලැබුණු මහජන පැමිණිලි විමර්ශනය මේ සතිය තුළදීම ආරම්භ කිරීමට නියමිතය.

කොමිසමේ සාමාජිකයන් හෙට(16) දිනයේදී රැස් වී ඒ පිළිබද තීරණයක් ගන්නා බව කොමිසමේ ලේකම් එච් එම් බී පී හේරත් මහතා පැවසීය.

මෙම කොමිසමට මහජන පැමිණිලි භාර ගැනීම ඊයේ (14) අවසන් විය. එහෙත් එදින ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ පැමිණිලි භාර ගන්නා බව එම කොමිසම සදහන් කළේය.

මේ වන විට කොමිසමට පැමිණිලි 65 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබේ. ඒ අතර අගරදගුරු හිමිපාණන් ගොනු කළ පැමිණිල්ලක් ද වන බවයි ලේකම්වරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *