(කොළඹ, ලංකාපුවත්) – ජාතික ආරක්ෂාව පිළිබඳව නව නීති ගෙන ඒමට අපේ ප්රතිවාදී අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා අකමැති වන්නේ ඇයි දැයි අපිට අද විශාල ගැටලුවක්. එතුමා අකමැති වන හේතුව වහාම රටට හෙළිකළ යුතුයැයි අගමැති රනිල් වික්රමසිංහ මහතා 23 වැනිදා සවස කිරිබත්ගොඩ නගරයේ පැවැති ජනරැලිය අමතමින් පැවසීය.
කැලණිය එක්සත් ජාතික පක්ෂ ප්රධාන සංවිධායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් මේ ජනරැලිය සංවිධානය කර තිබිණි .
එහිදී අගමැතිවරයා මෙසේද පැවසීය .
අද අපිට ඉතාම සුවිශේෂී දිනයක්. එයට හේතුව තමයි පාස්කු බෝම්බ සිද්ධිය සම්බන්ධව පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව අද අපි අතට පත් වුණා.
මා කැමතියි ඒ වෙනුවෙන් අද රටේ ජාතික ආරක්ෂාව ගැන ඔබ සමඟ මොහොතක් කතා කීරීමට.
මීට පෙරත් මේ රටේ යුද්ධ තිබුණා.කොටි ඇවිත් කොළඹට බෝම්බ ගැහුවම එදා බලයේ හිටපු අය ඒ ගැන හොයන්න තේරීම් කාරක සභාවක් දැම්මද කියන ප්රශ්නය අද මම ඔබෙන් අහන්න කැමතියි.
ඒ ගැන පාර්ලිමේන්තුවේ දී ප්රශ්නකරාම මට ජාතිද්රෝහියා කියලා අපහාස කරා.
අපි තේරීම් කාරක සභාවට සෑම පක්ෂයකම සාමාජිකයන්ට ආරාධනා කළා. පොහොට්ටුව ඒකට එන්න බෑ කියලා ප්රතික්ෂේප කරා.ඇයි ඒ ඒකට එන්න බයද එයාලා.
එදා කොළඹ බෝම්බ පිපිරුවා.පාස්කු බෝම්බෙ පිපිරූ ගමන් අපි ඒ සිද්ධිය වූ ස්ථානවලට ගිහින් මූලාශ්ර හොයලා වැරදිකරුවන් අත්අඩංගුවට ගත්තා.තේරීම් කාරක සභාවට පොහොට්ටුව බයයි.සාක්කි දෙන්න ආවේ නෑ.එයාලා පැනලා ගියේ.අපි නෙවි.අද මේ වාර්තාවෙන් විශේෂ යෝජනා ඉදිරිපත්කරලා තියෙනවා.දැන් කියනවා සහරාන්ගේ ගජයො ඉන්නවලු සමහර පින්තූරවල.මන් කියනවා ඔප්පු කරලා පෙන්නන්න අපි ප්රශ්නෙ විසදන්න සුදානම්.
අපි ඒ අයට එරෙහිව නීතිමය පියවර ගන්නවා.අපිට තරාතිරම් හිතවත් කම් නෑ.
මම අහන්නේ ඇයි මේ පොහොට්ටුව බය වෙන්නේ මේ ප්රශ්නෙ විසදනවට කියලයි.සහරාන්ලා හැදුවේ වැඩුවේ කවුද කියලා අද රටේ ජනතාව දන්නවා.
ජීවිතය පරදුවට තියලා යුද්ධෙ කරපු රණවිරුවා ඇදන්ගිහින් සිරගත කරපු කට්ටිය අද රණවිරුවන් ගැන අනුකම්පාවෙන් කතා කරනවා.මේ අය ප්රසිද්ධ වේදිකාවේ සිට සරත් ෆොන්සේකා මහතාගෙන් සමාව ගත යුතුයි.
සහරාන්ගේ කට්ටිය කොයි ජනාධිපති අපේක්ෂකයටද සහාය දෙන්නේ කියලා හෙළිකර යුතුයි.කොහොමද රටේ අළුත් නීති ගේන්නේ නැතුව කොහොමද මේ රටේ ජාතික ආරක්ෂාව ඇති කරන්නේ.
ඔවුන් එදා පාර්ලිමේන්තුවේදී විරුද්ධ වුණා නව නීති ගේනවට. මේ ප්රශ්නවලට පිළිතුරු දියයුතුයි..මහරෑට මාලිගාව වටේ කාර්රේස් ගිය සිංහල බෞද්ධයකු නෙවෙයි මම කියලා මම ඔබට කියනවා යැයි අගමැතිවරයා මෙහිදී පැවසීය.