සුජිත්ගේ අවසන් කටයුතු සිදු කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – දකුණු ඉන්දියාවේ පටු ළිඳකට වැටී සිරවීමෙන් මරණයට පත් වූ දෙහැවිරිදි සුජිත් විල්සන්ගේ අවසන් කටයුතු සිදු කෙරිණි.

දින හතරක් පුරා පැවති පැය 82 ක බේරා ගැනීමේ මෙහෙයුමෙන් පසු අඟහරුවාදා (සැප් 29) උදෑසන අදහස් දැක්වූ තමිල්නාඩු බලධාරීන් කියා සිටියේ නරක් වූ තත්ත්වයේ පැවති සුජිත් විල්සන්ගේ මෘත දේහය ළිඳෙන් ගොඩ ගත් බවය.

අත්හැර දමන ලද ළිඳට සුජිත් වැටී තිබුණේ සිය යහලුවන් සමග සෙල්ලම් කරමින් සිටියදීය.
මීටර 180 ක් ගැඹුරු පටු ළිඳට වැටුණු සුජිත් පළමුව මීටර 10 ක් පමණ (අඩි 30) ගැඹුරේ සිර විය. පසුව ඔහු තවත් පහළට ලිස්සා ගොස් තිබේ.

බේරා ගැනීමේ මෙහෙයුම සඳහා ජර්මනියේ නිෂ්පාදිත විදුම් යන්ත්‍ර , ඔක්සිජන් සැපයුම් යන්ත්‍ර යොදා ගත් අතර ඒ සඳහා ගිනි නිවන හමුදා භටයන් සහ සහන සේවකයන් ද සම්බන්ධ වූ බව වාර්තා විය.

පසුගිය ජුනි මාසයේ පන්ජාබ් ප්‍රාන්තයේ පිහිටි මේ හා සමාන ළිඳකට වැටී සිර වූ බිළිඳෙකු දින දෙකකට පසු බේරා ගැනීමට හැකි වූ නමුත් පසුව දරුවා මිය ගිය බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *