යුරෝපය බලා ගමන් ගනිමින් සිටි 17,480ක් මුහුදේ ගිලී මරණයට

(කොළඹ, ලංකාපුවත්) –2014 වසරේ සිට යුරෝපය බලා ගමන් ගනිමින් සිටි සංක්‍රමණිකයන් 17,480ක් මුහුදේ ගිලී මරණයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙම 2019 ඔක්තෝබර් මාසයේ නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවල දැක්වෙයි. ඊට අමතරව තවත් 3612 ක් දියේ ගිලී මිය යන්නට ඇතැයි අනුමාන කෙරෙයි.

අතරමග දී අසනීප නිසා සිදු වූ සංක්‍රමණික මරණ 1939 ක්ද, රථවාහන අනතුරු නිසා සිදු වූ මරණ 1473ක්ද, හේතුව නොදත් මරණ 1695ක් සහ කරුණු කීපයක් නිසා සිදු වූ මරණ 1029 ක්ද එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කරයි.

2016 වසරේ මස් ප්‍රවාහනය කරන ලොරියක සිරවී ගමන් කරමින් සිටි සංක්‍රමණිකයන් හැත්තෑඑක් දෙනෙක්(71) ඔස්ට්‍රියාවේ දී මරණයට පත් පුවත පසුගියදා සිදුවූ ‘එසෙක්ස්’ මරණ මෙන්ම ලොව කම්පා කිරීමට හේතුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *