රට-ජනතාව වෙනුවෙන් වූ අලුත් ගමනකට ශක්තිය දෙන්න

(කොළඹ, ලංකාපුවත්) –අවංක, පිරිසිදු , භිෂණයෙන් තොර , රාජ්‍ය ත්‍රස්තවාදයෙන් තොර , සුදුවෑන් වලින් තොර , මිනිමැරුම්වලින් තොර, රටේ ජනතාව ජිවත් කරවන අලුත් ගමනකට ශක්තිය ලබා දෙන ලෙස පක්ෂ පන්ති පාට බේදයකින් තොරව තමා ජනතාවගෙන් ඉල්ලන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය මහ පොළොව කොහෙද කියා නොදන්න කෙලි වලාකුළු වල සිටින අය කරන්නේ ප්‍රභූ දේශපාලනය බවත් තමා කරන්නේ පොඩි මිනිසා රජ කරවන සමාජ සේවය බවත් ඒ මහතා පැවසිය.

නව ප්‍රජාත්‍රරන්තවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (04) කහටගස්දිගිලිය ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක ජනරැලියක් අමතමිනි. එහිදී ගලෙන්බිඳුනු වැව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන මැතිවරණ අපේක්ෂක මහින්ද රාජකරුණා, ගීත් දිසානායක, එච්. පුංචිබණ්ඩාර, ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වර්තමාන බල මණ්ඩලයේ ලේකම් එච්. ජී. පියරත්න මහතා, අක්බෝපුර නගර සභා අපේක්ෂක අමිල සිල්වා මහතා, ගලෙන්බිඳුනු වැව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන මැතිවරණ අපේක්ෂක මහින්ද රාජකරුණා, යන පිරිස ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ සහායට එක්වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,

සිවිල් ආරක්ෂක බලකායේ සෙබලුන්ට පත්වීම් ලබාදුන්නේ එක්සත් ජාතික පක්ෂයයි. විශ්‍රාම යන අවස්ථාව සේවා කාලය වසර 21න් ලබාදෙන්න මා බලාපොරොත්තු වනවා. පසුගිය ආණ්ඩු කාලයේ බාල පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ගෙනාවා ඒ නිසා රජරට ජනතාවට වකුගඩු රෝග හැදී තිබෙනවා. සජිත් ප්‍රේමදාසගේ පාලන කාලයේ බාල පොහොර කෘෂිකාර්මික රසායනික ද්‍රවය ගෙන්වන්නේ නෑ.

මාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න මා අනිත් අය වගේ කොමිටි දම දම ඉන්නේ නෑ. ප්‍රශ්නය අවබෝධ කරගෙන තීන්දුව ගෙන මහපොළොවේ ක්‍රියාත්මක කරන නායකයෙක් සජිත් ප්‍රේමදාස. සෑම ප්‍රාදේශීය ලේකම් කර්‍යාලයකම ජනාධිපති කර්‍යසාධක බලකායන් පිහිටුවා සෑම ගමකම ප්‍රගතිය අධීක්ෂණය කරනවා. රටේ සමහර මුදල් යන්නේ අනවශ්‍ය දේවල් වලට. නොවැම්බර් මාසයේ සිට මැති ඇමතිවරුන්ට බදු රහිත වාහන නැති. ඒ මුදල් ජනතා සේවයට යොදවනවා. මේ ප්‍රතිපත්ති එන්නේ ජනාධිපතිවරයාගෙන් වෙඩි නොවදින වාහන හෝ වදින වාහන ජනාධිපතිවරයාට ගෙන්වන්නේ නෑ. මට ඕනේ වාහනේ යනකොට කණ්ණාඩිය පහත දමා ජනතාවට කතකරන්න පුළුවන් විදියට මා ජීවත්වන්නේ ඒ නිසා වෙඩි නොවදින වාහන මට එපා.

මම බියගුල්ලෙක් නෙමෙයි මම ජීවත්වන්නෙත් ජනතාව අතර, මිය යන්නෙත් ජනතාව අතරයි. මාගේ ආණ්ඩුවේ සාමාජිකයන් දුෂ්කරක්‍රියා කළ යුතුයි. ජනතා සේවය ආරම්භ කළ යුත්තේ පාන්දර 4ටයි. මේ රටේ ජනතාවට ඉතිහාසගතවන විප්ලවීය සංවර්ධනය සජිත් ප්‍රේමදාස ගෙන එනවා. කුසලතාවයට දක්ෂතාවයට පමණයි මා තනතුරු දෙන්නේ. වංචාවලට සම්බන්ධ අයට මගෙන් තනතුරු නෑ.

ගොවියගැන දැනුමක් තිබෙන මා කියන්න කැමතියි සෑම වගාවකටම නොමිලේ පොහොර ලබාදී කෘෂිකාර්මික විප්ලවයක් නිර්මාණය කරනවා.පිටරටින් ආහාර ගෙන්වන එක නවත්වා සියලුම ආහාර මේ රටේ නිෂ්පාදනය කරනවා.පොහොර මිල මහපොළොව මොකක්ද කියා නොදන්න අයට ජනහිතකාමී දේශපාලනයක් කරන්න බෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *