(කොළඹ | ලංකාපුවත්) – අප ආණ්ඩුව වටා රොඳ බැඳගත් දහස් සංඛ්‍යාත ජනතාවගේ බලාපොරොත්තු කිසිඳු අයුරකින් කඩ වීමට ඉඩ නොතබා ඔවුන් අපේක්ෂා කරන “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ” උදාකර දීමේ ඒකායන අරමුණ වෙනුවෙන් තව තවත් වීර්යයෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව කැප වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නත්තල් පණිවිඩයෙන් අවධාරණය කර සිටියි. ජනාධිපතිවරයා නිකුත් කළ නත්තල් පණිවිඩයේ තවදුරටත් මෙසේද සඳහන් වෙයි. වර්තමානයේ ශ්‍රී ලංකාවට අවැසි සමාජ පරිවර්තනය දැවැන්ත සමාජ පරිවර්තනයකි. නිදහසින් අවුරුදු 76කට පසුව…