(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයෙන් පසු හෙට්ටිපොළ ප්රදේශයේ දී ඇතිවූ කළහකාරී සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි දූෂණ විරෝධී බලකායේ කැඳවුම්කරු නාමල් කුමාර මේ මස 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.
හෙට්ටිපොල මහේස්ත්රාත් අධිකරණය අද (18) මෙම නියෝග කරනු ලැබීය.
ඔහු මාස 7ක පමණ කාලය සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි අතර අද හෙට්ටිපොළ මහේස්ත්රාත් එස්.එෆ්.මහ්ෆි මහතා වෙත ඉදිරිපත් කෙරිණ.
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ කුමන්ත්රණයන් සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කිරීම නිසා දුෂණ විරෝධී බලකායේ අධ්යක්ෂකවරයා වූ නාමල් කුමාර පසුගිය රජය සමයේ මහත් ආන්දෝලනාත්මක චරිතයක් විය.