රාජිත CID භාරයට ගෙන නොමැති බව අධිකරණයට දැනුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) –පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ මේ වන විට විභාගයට ගැනෙන සුදු වෑන් මාධ්‍ය හමුව පිළිබඳ නඩුවට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙම දැනුම් දීම සිදුකර තිබේ.

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සුදුවෑන් රථ රියදුරන් ලෙස හඳුන්වනු ලැබූ පුද්ගලයින් දෙදෙනා ද අද (27)යළි අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *