(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන 24 වනදා ලබා දිය හැකි බව එකසත් ජාතික පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
මේ සම්ගැබන්නීධයෙන්ම අවසන් තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ඊයේ(17) පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම විසඳුමකින් තොරව අවසන් විය.
එසේම, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කථානායක කරූ ජයසූරිය මහතා අතර හමුවක් පැවැත්වීමටද එහිදී තීරණය වී ඇත.