(කොළඹ, ලංකාපුවත්) –කොළඹ – කතරගම ප්රධාන මාර්ගයේ රන්න,හුංගම මාර්ගයේ බටඅත ප්රදේශයේ දී ඊයේ (19)රාත්රී සිදුවු අනතුරකින් සිව් දෙනෙක් මියගොස් තිබේ.
අනතුරින් තවත් 20 දෙනෙකු තුවාල ලැබීය. අනතුර සිදුව ඇත්තේ, රන්න දෙසට ධාවනය වූ ටිපර් රථයක් එම දිසාවට ගමන් කළ ත්රීරෝද රථයකට ඉස්සර කිරීමට යාමේදී ප්රති විරුද්ධ දිශාවෙන් පැමිණි පෞද්ගලික බස් රථයක් හා ගැටීමෙනි.
මියගිය අය අතර බස් රථයේ රියදුරු සහ වයස අවුරුදු 3ක කුඩා දැරියක් ද වේ. අනතුරින් තුවාල ලැබූවේ ටිපර් රථයේ රියදුරු, බස් රථයේ ගමන්ගත් 14 දෙනෙක් සහ ළමුන් 5 දෙනෙක්. ඔවුන් තංගල්ල රෝහලට ඇතුළත් කෙරිණ.