මම සහ පියා රජිනිකාන්ත්ගේ රසිකයෝ – මන්ත්‍රී නාමල්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය සුපිරි නළුවෙකු, දේශපාලඥයෙකු වන රජිනි කාන්ත්ට ශ්‍රී ලංකාවට පැමිණීම ශ්‍රී ලංකා රජය තහනම් කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් පිටුවේ පණිවුඩයක් තබමින් කියා සිටියේ ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා රජිනිකාන්ත්ට වීසා බලපත්‍ර ලබා දීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ පුවත අසත්‍ය බවයි. එසේම සිය පියා සහ පවුලේ උදවිය ද රජිනි කාන්ත්ගේ රසිකයින් බව ඔහු සදහන් කර ඇත.

පසුගියදා උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා චෙන්නායිහි රජිනිකාන්ත් මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

එහිදී මෙරට දෙමළ ජනයා මුහුණ දෙන ගැටලු පිළිබඳව රජිනිකාන්ත් දැනුවත් කර තිබුනු අතර ඔහුට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් ආරාධනා කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *