සෞදි ඔටුන්න හිමි සල්මාන් කුමරු ගැන පරීක්ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) –සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බිල් සල්මාන් කුමරු සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයන් පවසයි.

ඇමර්සන් ආයතන හිමිකරු ජෙෆ් බෙසොස්ගේ දුරකථනයට අනවසරයෙන් ඇතුළු වූ බවට ඔහුට එල්ල වී ඇති චෝදනා ඊට හේතුවවේ. සෞදියේ ඔටුන්න හිමි කුමරු තෝරාගත් විරුද්ධවාදීන් ඉලක්ක කර ගනිමින් අඛණ්ඩ සෘජු හා පෞද්ගලික කුමන්ත්‍රණවල නිරතවීම පිළිබඳව ද විමර්ශනයක් සිදු කළ යුතු බව, මානව හිමිකම් විශේෂඥයන් අවධාරණය කර ඇත.

2018 වසරේ මැයි මස සල්මාන් කුමරුගේ පුද්ගලික ගිණුමකින් යවන ලද වට්ස්ඇප් පණිවුඩයක් ලැබීමෙන් අනතුරුව ජෙෆ් බෙසෝසගේ දුරකථනයට මෙලෙස අනවසර ඇතුළුවීමක් සිදුව ඇති බව වාර්තා වේ. එම සිද්ධියෙන් මාස කිහිපයකට පසු වොෂිංටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනයට ලක්වීම කැපී පෙනේ. ජෙෆ් බෙසොස් වොෂිංටන් පෝස්ට් පුවත්පතේ හිමිකරු ද වේ.

අදාළ ඝාතන සිද්ධියෙන් පසු, සල්මාන් කුමරු හා ජෙෆ් බෙසෝස් අතර විරසක තත්වයක් පැවතුණි. සියලු කරුණු පදනම් කර ගනිමින්, සෞදියේ ඔටුන්න හිමි කුමරු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *