(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරසයට බලපෑම් කළ හැකි බවට විශ්වාස කරන දැනට තිබෙන ජීවවිද්‍යාත්මකව ක්‍රියාකාරී ස්වභාවික නිෂ්පාදන සහ සම්ප්‍රදායික චීන ඖෂධ 30ක් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව චීන විද්‍යා ඇකඩමිය (CAS ) ප්‍රකාශ කරයි.
CAS සහ ෂැංහයිටෙක් විශ්ව විද්‍යාලය යටතේ ඇති ෂැංහයි මැටීරියා මෙඩිකා ආයතනයේ විද්‍යාඥයන්ගේ ඒකාබද්ධ පර්යේෂණ කණ්ඩායමක් විසින් කොරෝනා වෛරසයට (2019-nCoV) එරෙහිව සටන් කිරීම සඳහා ඖෂධ සොයා ගැනීමේ කඩිනම් පර්යේෂණයක නිරත වී සිටියි. මේ ඖෂධ 30 අතරට එච්. අයි. වී විරෝධී ඖෂධ 12ක් ද ඇතුළත් බව සඳහන් වේ. පර්යේෂකයන් යෝජනා කරන්නේ 2019-nCoV ආසාදිත නියුමෝනියා රෝගීන්ගේ සායනික ප්‍රතිකාර සඳහා මේ ඖෂධ උත්සාහ කළ හැකි බවයි.
කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සායනික අධ්‍යයන සහ ප්‍රතිකාර සඳහා මග පෙන්වීම වෙනුවෙන් මෙම ඖෂධ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව CAS පවසයි.
මේ අතර අද (29) පෙරවරුවේ චීනය වෙත ළඟාවන අමෙරිකානු ගුවන් යානයකින් එහි වෙසෙන අමෙරිකානු රාජතාන්ත්‍රිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 240ක් පමණ ආපසු ගෙන්වා ගැනීමට සැලසුම් කර තිබූ අතර වුහාන්හි වෙසෙන ජපන් ජාතිකයන් 200 දෙනකු ඇතුළු 650 දෙනකු පමණ ගෙන්වා ගැනීම සඳහා ජපාන ගුවන් යානයක් අද දිනයේ චීනයට ළඟාවීමට නියමිතය. ඊට අමතරව ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, දකුණු කොරියාව, ප්‍රංශය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් රැසක් තම ජාතිකයන් වහාම ආපසු ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටී. රජය චීනය සමඟ ඇති සමහර දේශසීමා තාවකාලිකව වසා දමන බවත් චීන සංචාරකයින් සඳහා ගමන් බලපත්‍ර නිකුත් කිරීම නවත්වන බවත් හොංකොං හි ප්‍රධාන විධායක කැරී ලැම් ප්‍රකාශ කළාය.
ජාතික ගුවන්විදුලි හා රූපවාහිනී පරිපාලනය විසින් නිවේදනයක් නිකුත් කරමින් චීනය පුරා රූපවාහිනී මධ්‍යස්ථාන මගින් විකාශය කෙරෙන විනෝදාත්මක වැඩසටහන් විකාශය ද අත්හිටුවා ඇත.