(කොළඹ, ලංකාපුවත්) – නව කොරෝනා වෛරසය ඉලක්ක කරමින් නිපදවන ලද තරගකාරී එන්නතක් සතුන් සඳහා පරීක්ෂා කරන ලද බව රෝග පාලනය හා වැළැක්වීම සඳහා වන චීන මධ්‍යස්ථානය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රෝග පාලනය හා වැළැක්වීම සඳහා වන චීන මධ්‍යස්ථානය, ෂැංහයි හි ටොංජි විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලය සහ ස්ටර්මිර්නා චිකිත්සක සමාගම විසින් මෙම mRNA එන්නත සම සංවර්ධනය කර ඇති අතර පසුගිය ඉරිදා මීයන් 100 දෙනකුට වැඩි සංඛාවකට එන්නත් සාම්පල ලබා දුන් බව එම වාර්තාවේ සඳහන්.
කෙසේ වුවද රෝග පාලනය හා වැළැක්වීම සඳහා වන චීන මධ්‍යස්ථානය නිල වශයෙන් අනතුරු හඟවන්නේ සතුන් මත පරීක්ෂා කිරීම එන්නත සංවර්ධනයේ ඉතා මුල් අවදියක් බවයි. එය මිනිසුන් සඳහා භාවිතා කිරීමට පෙර තවත් පියවර රැසක් ඇති බව ඔවුන්ගේ නිවේදනයේ සඳහන් වේ.
මීයන් මත පරීක්ෂණවලින් පසු මිනිස් සායනික අත්හදා බැලීම්වලදී එන්නතේ ආරක්ෂාව සහතික කිරීම පිණිස වඳුරන් වැනි විශාල සතුන් සඳහා විෂ පරීක්ෂණ සිදු කරනු ඇති බව ද සාම්ප්‍රදායික එන්නත් වලට වඩා mRNA එන්නතෙහි සංවර්ධන හා නිෂ්පාදන චක්‍රය කෙටි බව ද ටොංජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙක් අවධාරණය කරයි.
චීනයේ හුබෙයි පළාතේ පමණක් නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 103 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව හුබෙයි සෞඛ්‍ය අධිකාරියේ නවතම වාර්තා අනාවරණය කරයි. ඒ අනුව මේ වන විට ලොව පුරා මිය ගිය රෝගීන් සංඛ්‍යාව 1, 013 කි. සඳුදා දිනයේ දී නව රෝගීන් 2,097ක් හඳුනා ගත් බව ද ඒ අනුව එම ප්‍ර දේශයෙන් වාර්තා වන 31, 728කි. මේ වන විට විසි පන්දහසකට වැඩි පිරිසක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර 1, 298 දෙනකු ගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ තත්ත්වය හමුවේ ලොව පුරා තහවුරු කළ නව කොරෝනා රෝගීන් සංඛ්‍යාව 42, 500කි. නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායමක් චීනයට පැමිණි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මේ අතර නව කොරෝනා වෛරසය හේතුවෙන් මගීන් දහස් ගණනක් නෞකා හතරක කොටු වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. පෙබරවාරි 04 වැනි දා සිට නිරෝධායනයට ලක් කර තිබෙන ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ මගීන් 3, 700 ක් අතරින් 135 දෙනකු මෙම වෛරසය ආසාදිතයන් බව තහවුරු වී ඇත. මගීන් 2,000කින් සමන්තියිත වෙසටර්ඩෑම් නෞකාව ජපානය, තායිවානය හා පිලිපීනයට ඇතුළු වීමට ප්‍රතික්ෂේප කළ පසු පෙබරවාරි 13 වැනි දා තායිලන්තයට ඇතුළු වීමට අවස්ථාව හිමි විය. එම නෞකාවෙන් නව කොරෝනා ආසාදිතයින් හඳුනාගෙන නැත. දින පහක නිරෝධායනයෙන් පසු වර්ල්ඩ් ඩ්‍රීම් නෞකාවේ මගීන් 3,600 දෙනකුට ඉන් පිට වීමට අවස්ථාව හිමි වී තිබේ. වැඩි දුර ප්‍රතිකාරි සඳහා සිව් දෙනකු රෝහල් ගත කළ ඇන්තම් ඔෆ් ද සීස් නෞකාව පෙරේදා පස්වරුවේ නිව් ජර්සි වරායෙන් පිටත් වී තිබේ.
මේ අතර කොරෝනා වෛරස ආසාදනය මුලුමනින්ම පරාජය කරන බවට චීන ජනාධිපති ෂී ජින්පින් නැවතත් අවධාරණය කර සිටියි. ඒ බෙයිජිං නුවර කොරෝනා වෛරස ආසාදිතයන් සදහා ප්‍රතිකාර ලබාදෙන රෝහලක් වෙත කළ සංචාරයක් අතරතුරදීයි.
මෙම අවස්ථාවේ දී ජනාධිපතිවරයාගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීමටද නිලධාරීන් කටයුතු කර තිබුණි.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වාදුන්නේ,වෛරසය සමගින් සටන්කිරීම සදහා අවශ්‍ය සියලු සාධනීය පියවර ගෙන ඇති බවයි. එමෙන්ම, වෛරස මාරයා නිසැකවම ජයග්‍රහණය ලබන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
වෛරසය රටපුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීම ආරම්භවීමත් සමඟ වඩාත් නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.ජනාධිපතිවරයා බෙයිජිංහි සංචාරය කළත්, තවමත් වෛරසයේ තිඹිරිගෙය ලෙසින් සැළකෙන හුබෙයි පලාතේ වූහාන් නගරය වෙත ගොස් නොමැත.
වෛරස ව්‍යාප්තිය උග්‍රවීමත් සමගින් වසාදැමුණු වූහාන් නගරය අදටත් විවෘත කර නොමැති අතර දින 20කට ආසන්න කාලයක් පුරා එහි වෙසෙන මිලියන 11 ක් ඉක්මවූ ජනතාව දැඩි සේ අපහසුතාවට පත්ව සිටිති.
මරණ සංඛ්‍යාව 1,000 ඉක්මවීමත් සමග චීනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනකුම ඉවත් කර ඇති බව වාර්තා වේ. ඒ අතර හුබෙයි සෞඛ්‍ය කොමිසම සඳහා වන පක්ෂ ලේකම් හා කොමිසමේ ප්‍රධානියා ද වන බව වාර්තා වේ.