(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ සිටින තුර්කියේ නව තානාපතිවරිය වන ඩෙමෙට් සේකර්සියොග්ලු (Demet Sekercioglu) සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (12) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදි පැවැත්විණි.
ආර්ථික කටයතු, සංස්කෘතිය, අධ්‍යාපනය ,දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ඇතුළු අංශ ගණනාවක් තවදුරටත් ශක්තිමත් කැර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙම සාකච්ඡාවේදී තුර්කියේ නව තානාපතිවරිය සඳහන් කර සිටියේ දෙරට අතර සබඳතා වැඩිදියුණු කළ හැකි ක්ෂේත්‍ර ගණනාවක් තිබෙන බවයි.
නිදහසින් පසු ශ්‍රී ලංකාව සහ තුර්කිය විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන ගොස් තිබේ. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ මෙම සබඳතා වැඩිදුරටත් ශක්තිමත් විය. 2008 වසරේදී එවකට ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතා තුර්කි රාජ්‍යයේ සංචාරයක නිරත වූ අතර, ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයකු තුර්කියේ සංචාරයක නිරත වූ පළමු අවස්ථාව එය විය.
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය වැඩි දියුණු කරන ලෙසද අගමැතිවරයා මෙහිදී තුර්කී තානාපතිවරියගෙන් ඉල්ලා සිටියේය. තුර්කි ගුවන් සේවය දිනපතා ශ්‍රී ලංකාවට පියාසර කිරීමත් සමඟ තුර්කියෙන් පමණක් නොව ලෝකයේ වෙනත් රටවලින් ද සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට අවස්ථාවක් ලැබෙන බව අගමැතිවරයා සඳහන් කෙළේය.
මෙම දූත පිරිස ආරක්ෂක අංශය පිළිබඳව ද, ත්රස්තවාදයට එරෙහිව සටන් කිරීමේදී බුද්ධි අංශවල තොරතුරු හුවමාරු කැර ගැනීමේ වැදගත්කම ගැන ද සාකච්ඡා විණි.
තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් අර්ඩොෂාන් (Tayyip Erdoğan) මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට උනන්දුවක් දක්වන බව තානාපතිනි සෙකර්සියොග්ලු සඳහන් කෙළේය. 2005 වසරේ ඇති වූ සුනාමියෙන් පීඩාවට පත් වූ රටවල සංචාරය කරන අතරතුර ජනාධිපති අර්ඩොෂාන් අවසන් වරට ශ්‍රී ලංකාවේ සංචාරය කෙළේය. තුර්කිය ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ නිවාස 450 කින් සමන්විත ගමක් ඉදිකිරීම මඟින් සුනාමි සහන සේවා කටයුතු සඳහා සඳහා යක විය.