ට්‍රම්ප් අද ඉන්දියාවට – ආරක්‍ෂාව තර කරයි

(කොළඹ, ලංකාපුවත්) – ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දෙක අතර සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉන්දීය සංචාරය අද(24) ආරම්භවේ.

ඉන්දියාවේ සංචාරයකට සහභාගී වන හත් වැනි අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ඔහුගේ මෙම සංචාරය සුවිශේෂවේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දින දෙකක් ඉන්දියාවේ රැදී සිටීමට නියමිතය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ උපන් ප්‍රදේශය වන ගුජරාටයට පැමිණ ආසන දස දහසකින් සමන්විත ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය විවෘත කිරීම සහ අග්‍රාහි පිහිටි ටජ්මහල නැරඹීමට ද නියමිතය. මෙම සංචාරයට ජනපති බිරිඳ මෙලනියා ට්‍රම්ප් මෙන්ම ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා සහ ඇගේ සැමියා ද එක්වනු ඇත.

මේ වන විට ඉන්දියාව පුරා ආරක්ෂාව තර කර ඇති බව ද සඳහන්වේ.

එසේම ට්‍රම්ප්, මෝදී සහ මෙලනියා ට්‍රම්ප්ගේ රුව රැගත් බැනර් සහ පුවරු විශාල ප්‍රමාණයක් අහමබාද් නගරය පුරා සවිකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *