පොලිස්පති උපකාරක මැදිරිය 02වනදා සිට ක්‍රියාත්මකයි

(කොළඹ, ලංකාපුවත්) –ජනතාවට ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා මාර්තු 02 සිට පොලිස්පති උපකාරක මැදිරියක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

පොලීසියට පැමිණිලි ඉදිරිපත් කිරීමේදී නිසි ලෙස නීතිය ඉටුනොවීම පිළිබඳ හා පොලීසිය සම්බන්ධයෙන් ජනතාවට ඇති වන ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා මෙම උපකාරක මැදිරිය ස්ථාපිත කර තිබේ.

පොලිස් මූලස්ථානයේ භාෂා සහායක මැදිරියේ ස්ථාපිත කර තිබෙන පොලිස්පති උපකාරක මැදිරිය තුළ දුරකථන අංක දෙකක් ස්ථාපිත කර ඇත.

ඒ අනුව 011-2444480 හා 011-2444481 දුරකථන අංක මගින් ජනතාවට අදාළ තොරතුරු ලබාදිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *