දියතරිප්පු කණ්ණාඩි ළඟදීම වෙළෙඳපොළට

(කොළඹ, ලංකාපුවත්) –පාරම්පරික කර්මාන්තයක් වන දියතරිප්පු කණ්ණාඩි ඉදිරියේ දී වෙළෙඳපොළට නිකුත් කිරීමට ක්‍රියාකරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ සංවර්ධනය කෙරුණු එම කර්මාන්ත ශාලාවක් පිළිමතලාව, කහඹේ ප්‍රදේශයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය. දියතරිප්පු කණ්ණාඩි නිෂ්පාදනය ඈත අතීතයේ සිටම පැවත එන පාරම්පරික කර්මාන්තයක්. එම කණ්ණාඩි නිෂ්පාදනය කරනු ලබන්නේ පාෂාන විශේෂයකිනි..

අභාවයට යමින් පවතින මෙම කර්මාන්තය යළි නගා සිටුවීමේ අරමුණෙන් කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට පියවර ගත් බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *