අලුත් අවුරුදු සමයට සතොසෙන් භාණ්ඩ

(කොළඹ, ලංකාපුවත්) – අලුත් අවුරුදු සමය වෙනුවෙන් ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ සතොස ගබඩා ඔස්සේ අඛණ්ඩව බෙදා හැරීම සිදු කරන බව සතොස සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසයි.මේ වන විට දිවයින පුරා පිහිටි සතොස ශාඛා 420 මඟින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතොස ගබඩා මඟින් බෙදා හැරීම සිදු කර ඇති බවද නුෂාඩ් පෙරේරා මහතා පවසයි .

සතොස පුද්ගලික සමාගමක් වන pick me සමාගම සමග එක්ව ආරම්භ කළ සතොස pick ne සේවාව හරහා ද පොලිස් අඳිරි නිතිය පවතින ප්‍රදේශවල ජනතාවට ලබා ගත හැකි බවද ඒ මහතා පවසයි.

මහවැලි, වාරිමාර්ග, අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත දිවයින පුරා පිහිටි සතොස වෙළෙදසල් 420කට ආසන්න ප්‍රමාණයකට කිසිඳු හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර බෙදා හැරීම සිදු කරන බවත් ආහාර හිඟයක් ඇති වේ යැයි බියෙන් අනවශ්‍ය ලෙස ආහාර තොග රැස් කර ගැනීමෙන් වළකින ලෙසත් සභාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *