කොළඹ වායුවේ ගුණාත්මක දර්ශකය අඛණ්ඩව පහළට

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වෛරස් ව්‍යාප්තිය පැතිරීම වැලැක්වීමට පනවා තිබූ නීති සහ ඇඳීරි නීති සීමා ලිහිල් කිරීමත් සමඟ මේවන විට කොළඹ වාතයේ ගුණාත්මකභාවය අඛණ්ඩව පහත වැටෙමින් පවතී.

ඇඳිරි නීතිය පැවති කාලයට සාපේක්ෂව මේවන විට වාතයේ ගුණාත්මකභාවය සියයට 150 කින් පහත වැටී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පැවසීය.

පසුගිය කාලයේ පැවැති පිරිසිදු වාතයත් සමඟ රත්නපුර සහ මහනුවර දිස්ත්‍රික්කවල තිබෙන ඇතැම් කඳු පවා කොළඹට දිස් විය.

කෙසේ නමුත් පැවැති සීමා ලිහිල් කිරීමත් සමඟ වාහන නැවත වීදිවලට ​​පැමිණීමත් සමඟ ඉදිරි දින කිහිපය තුළ වාතයේ ගුණාත්මකභාවය තවදුරටත් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන අතර අදාළ කඳු දර්ශනය නොවනු ඇතැයි ද අපේක්‍ෂා කෙරේ.

පසුගිය වසරේ මෙම කාලපරිච්ඡේදය හා සසඳන විට මේ දිනවල කොළඹ වාතයේ ගුණාත්මකභාවය ඉතා ඉහළ මට්ටමක පවතින බව සරත් ප්‍රේමසිරි මහතා කියා සිටියේය.

පසුගිය ඇඳිරි නීතිය අතරතුර, කොළඹ වායු දූෂණ මට්ටම් වායු ගුණාත්මක දර්ශකයේ 25 ත් 30 ත් අතර විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *